Connect with us

පුවත්

කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි

Published

on

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ජපන් ණය ආධාර මත එම පර්යන්තය ඉදි කෙරෙන බවය.

2019 වසරේ මෙම පර්යන්තය ඉදිකිරීමට සැලසුම් කර තිබුණ ද ආර්ථික අර්බුදයත් සමග එම කටයුතු අඩාල විය.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, නව මගී පර්යන්තයෙන් වාර්ෂිකව මිලියන 9 කට පහසුකම් සැලසිය හැකි බවය.

කටුනායක ගුවන්තොටුපොළ පළමු මගී පර්යන්තයෙන් මේ වනවිට වාර්ෂිකව මිලියන ‍6 කට පහසුකම් සලසයි.

කටුනායක ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමත් සමග වාර්ෂිකව මිලියන 15 ක පිරිසකට පහසුකම් සැලසීමට හැකි වන බව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසුවේය.

පුවත්

අදින් ඇරඹෙන “ප්‍රජා ශක්ති”

Published

on

By

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ,  ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ  සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා එම වැඩපිලිවෙල තුළින් අපේක්ෂා කරන බවයි.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මගින් සිදු කෙරෙන බවයි.

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved