Connect with us

පුවත්

කටුනායක වීසා නිකුත් කිරීම යළිත් VFS අතට

Published

on

කටුනායක ගුවන් තොටුපොළේ වීසා අංශයේ ඇති වූ දෝෂ නිවැරදි කිරීමෙන් පසුව එහි වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් තාවකාලිකව ඉවත් වූ VFS Global ජාත්‍යන්තර සමාගමට එම කටයුතු නැවත බාරදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසයි. 

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය මැයි 01 දින දා එම පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාකාරී වාතාවරණයක් මතුවිය. 

ඒ වනතුරු  මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය සමාගම  VFS Global විසින් බාරගැනීමත් ඒ සමඟ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නව සමාගම අපොහොසත් වීම සමඟ නිර්මාණය වූ දිගු පෝලිම් සමඟින් මෙම උණුසුම්කාරී තත්ත්වය නිර්මාණය විය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසන්නේ, වීසා නිකුත් කිරීමේ කටයුතු මෙම සමාගමට පැවරීම සිදුවූයේ කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සමඟ බවය. 

එමෙන්ම මෙම විදේශීය සමාගම විසින් වීසා නිකුත් කිරීම බාරගත් අවස්ථාවේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වීද යන්න පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අදාල සමාගම විසින් වීසා නිකුත් කිරීම සිදුකරන අවස්ථාවේ කිසියම් පිරිසක් විසින් සාවද්‍ය තොරතුරු ලබා දී මෙම අවුල්සහගත තත්ත්වය නිර්මාණය කලේ ද යන සැකයක් මතුවී ඇති නිසා ඒ කෙරෙහි ද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.

ලේකම්වරයා පැවසූවේ මතුවූ කාර්මික දෝෂ නිවැරදි කිරීමෙන් පසුව යලි වීසා නිකුත් කිරීමේ කාර්යය VFS Global සමාගම වෙත බාර දෙන බවය. 

මේ පිළිබඳව අදහස් දක්වන ආගමන විගමන දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති ජයසිංහ බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ,

ආගමන විගමන පනත අනුව වීසා නිකුත් කිරීමේ කටයුතු සඳහා නීතිමය වගකීම පැවරී ඇත්තේ ආගමන විගමන නිලධාරීන්ට පමණක් බවය. 

හෙතෙම වැඩිදුරටත් පැවසූයේ ආගමන විගමන නිලධාරීන් විසින් වීසා නිකුත් කිරීම පැරණි ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය යටතේම සාමාන්‍ය පරිදි කරගෙන යන බවය. 

අදාළ සමාගම ඉන්දීය සමාගමක් නොවන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිය ද ආගමන විගමන නිලධාරීන් පෙන්වා දෙන්නේ නව දිල්ලියේ ඇති එහි කාර්යාලයකින් මෙම වීසා නිකුත් කිරීම සිදුවන බවයි.

( ලංකාදීප )

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved