Connect with us

පුවත්

කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟිය හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාවත් යළි නඟාසිටුවිය හැකියි – ජනපති

Published

on

තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ජනාධිපතිවරයා මෙසේ ද පවසා තිබේ.

ප්‍රශ්නය : ක්‍රිකට් සංවර්ධනයට බිලියන 1.4ක් මෙවර අයවැයෙන් වෙන් කළත් මේ වන විට තහනම් කර තිබෙනවා.  ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමට ඔබතුමාට වැඩපිළිවෙළක් තිබෙනවාද?

පිළිතුර : ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීම කැබිනට් මණ්ඩලය විසින් ක්‍රිකට් සම්බන්ධව පත් කළ කැබිනට් අනු කමිටුව වෙත පවරා තිබෙනවා. කෙසේ හෝ අපට අහිමි වූ තරඟ නැවත ලබා ගැනීමට උත්සාහ කරනවා. මෙවර අය වැයේ දී ක්‍රිකට් සඳහා බිලියන 1.4ක් ලබා දුන්නේ පාසල් සිසුන්ගේ කුසලතා දියුණු කිරීමටයි. බස්නාහිර පළාතේ නම් එවැනි ප්‍රශ්නයක් නැහැ. අනෙක් පළාත්වල ක්‍රිකට් දියුණු කළයුතුයි. 2030 වන තෙක් මේ අයුරින් මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වන විට අපට ලෝකයේ පළමු තැනට පැමිණීමට හැකි වේවි.

1996 දී අප ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ගාමිණි දිසානායක මහතා ගෙන ගිය වැඩපිළිවෙළ නිසයි. එවකට මා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩ කොටසක් සිදු කළා. ගාෆිල්ඩ් සෝබස් මහතා ලංකාවට පැමිණ අපට උදව් කළා. මේ රටේ වැටුණු ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් වුණානම් ක්‍රිකට් ක්‍රීඩාවත් ගොඩගත හැකියි.

(මූලාශ්‍රය : ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved