රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ නඩුවට චෝදනා එල්ල වී සිටි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ බව පොලීසිය පවසයි.
අතුරුදන් වූ පවුම් 38ක රන් පූජාවක් සම්බන්ධයෙන් රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක හා එම දේවාලයේ ගබඩාව භාර කපු ධුරන්දර ප්‍රධාන කපුරාලගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතාව අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබුණි.
මෙම පුජාව පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් සිදුකර ඇත.
සබැඳි පුවත්:
කතරගම මහ කපු සොමිපාල අත්අඩංගුවට ගන්න සොයයි
පොලිස් ඇමැති කතරගම යද්දි සොමිපාලයි මුණුබුරයි මාරු වෙලා