Connect with us

පුවත්

කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Published

on

කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09 ) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තබන ලදී.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයෙකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා පත් කරනු ලැබීය.

ෂන්මුගම් කුහදාසන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ ඉන්දියාවේ මදුරෙයි කාමරාජ් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හදාරා තිබේ.

ඒ මහතා 1975 වර්ෂයේ සිට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකත්වය දරන අතර 2018 වර්ෂයේ සිට එම පක්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නායකයා වශයෙන් ද කටයුතු කරයි. එසේම ඒ මහතා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතේ නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු සම්බන්ධීකාරක වශයෙන්ද කටයුතු කර ඇත.

ෂන්මුගම් කුහදාසන් මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ මහතා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.

ෂන්මුගම් කුහදාසන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරා ගැනීමට අදාළ අංක 2391/14 දරන අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය
(02) වැනි දා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading

පුවත්

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට

Published

on

By

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) දින මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.

අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වී තිබුණි.

ඒ අනුව, මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved