Connect with us

පුවත්

කපිතාන් “ඩෙන්ටිස්ට්” ගේ සිරුර සොයා ගැනේ

Published

on

යුක්රේන සටන් පෙරමුණේ භට කණ්ඩායම්වලට නායකත්වය දෙමින් යුක්රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී රුසියානු ප්‍රහාර හමුවේ පසුගියදා(04) මියගිය කපිතාන් රනිෂ් හේවගේ නිලධාරියාගේ සිරුර මුදාගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (06) දිනෙය් දී එම සිරුර මුදාගත් බවට යුක්‍රේන ජාත්‍යන්තර ලීගයේ නිලධාරියෙක් පවසා ඇත.

සටන් පෙරමුණේ දී කාලතුවක්කු ප්‍රහාරයට ලක් වූ රනීෂ් හේවගේ මහතා කිලෝමීටර් 15ක් පමණ දුරට රැගෙනවිත් ඇත්තේ ඔහුගේ දෙවැනියා වූ මෙරට කමාන්ඩෝ බළකායේ සිට යුක්‍රේන හමුදා සේවයට එක්වූ කෝප්‍රල් එල්. කේ. හතුරුසිංහ විසිනි.

ඊයේ දිනයේදී යුක්‍රේන හමුදා භට කණ්ඩායම් කිලෝමීටර් අටක පමණ දුරක් ගොස් නිරුපද්‍රිතව කපිතාන් රනීෂ් හේවගේ නිලධාරියාගේ සිරුර රැගෙන විත් තිබේ.

කාලතුවක්කු හා වෙඩි උණ්ඩ රනීෂ්ගේ පපුවේ, හිසෙහි හා සිරුරේ තැනින් තැන තිබී ඇත.

මෙම ප්‍රහාරයේදී මියගිය බව කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙටි ඔෂියර් තනතුරේ සේවය කර ඉවත්ව ගොස් යුක්‍රේන රජයේ හමුදාවට එක්වූ එම්. එම්.ප්‍රියන්තගේ සහ යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සේවය කර ඉවත් වී ගිය රොඩ්නි ජයසිංහ යන නිලධාරීන්ගේ මළ සිරුරු ද ඊයේ වනතුරු රැගෙන ඒමට නොහැකි වී ඇත.

යුක්‍රේන් හමුදාවේ ජාත්‍යන්තර ලීගයේ ඇමරිකානු, කැනඩා ඇතුළු විදෙස් භට පිරිස් වලට නායකත්වය දුන් කපිතාන් රනීෂ් හේවගේ මහතාගේ අවසන් කටයුතු යුක්‍රේන රජයේ හමුදා ගෞරවය සහිතව සිදු කිරීමට සැලසුම් කර ඇතැයිද එරට නිලධාරියෙක් සඳහන් කර ඇත.

රුසියාව හා යුක්‍රේනය අතර යුද ගැටුම් ඇරඹීමත් සමග යුක්‍රේන ජනපතිවරයා විදෙස් රටවල සොල්දාදුවන්ට කළ විවෘත ආරාධනයෙන් පසුව රනීෂ් මහතා පසුගිය වසරේ මාර්තු මාසයේදී එරට හමුදාවට එක්වී තිබේ.

එමෙන්ම ඔහු යුක්‍රේන හමුදාවේ සෙබළකු ල‍ෙස ජාත්‍යන්තර ලීගයට එක්වී සටන් පෙරමුණේදී නව වතාවක්ම තුවාල ලබා ඇති අතර යුද පෙරමුණේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් එරට ජනපති විසින් හෙතෙම අධිකාරියට පත්කර පළමුවැනි විශේෂ බළකා අණදෙන නිලධාරිිියා ලෙස සේවයේ යොදවා ඇත.

ඔහු එරට ජනපති අතින් සම්මාන පහක් ලබාගත් අයකු බවද යුක්‍රේන ජාත්‍යන්තර ලීගයේ සාමාජිකයෙක් පැවසීය.

(මූලාශ්‍රය : අරුණ)

සබැඳි පුවත් :

යුක්රේන යුද්ධයට ගිය ලංකා හමුදාවේ 3ක් මරුට;  ‘කපිතාන් ඩෙන්ටිස්ට්’ ඒ අතර


පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved