Connect with us

පුවත්

කරන්නාගොඩගේ පෙත්සම විභාගයට අභියාචනාධිකරණය දින දෙයි

Published

on

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉදිරිපත් කළ පෙත්සම ජනවාරි මස 28 වනදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කලේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කලේය.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බව හිටපු නාවික හමුදාපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබේ.

එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දී ඇති අභියාචනාධිකරණය වසන්ත කරන්නාගොඩ ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගයක් පැවැත්වීම වළක්වාලමින් මෑතකදී අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණි.

ඒ අනුව අදාල පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා විසින් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

පුවත්

ඒකාබද්ධ විපක්ෂයකට යන කතාව බොරුවක්

Published

on

By

තමා, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්ජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වන බවට දේශය පුවත්පතේ පළවූ වාර්තාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත්තේ, එය ව්‍යාජ ප්‍රවෘත්තියක් බවයි.

එම සටහන පහතින්,

Continue Reading

පුවත්

ගුවන්තොටුපල සතු අලුත් කැබ් 5ක් මහාමාර්ග අමාත්‍යංශයට පවරා ගැනීමට සේවක විරෝධය

Published

on

By

ගුවන්තොටුපළ සාමාගම සතු නවීන කැබ් රථ පහක් මහාමාර්ග අමාත්‍යංශයට පවරා ගෙන ඒ  වෙනුවට අමාත්‍යංශය සතුව ඇති පරණ කැබ් රථ පහක් ලබා දීමට ගෙන ඇති තීරණයට එහි සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

මෙසේ මහා මාර්ග අමාත්‍යංශයට පවරා ගැනීමට යන්නේ WP PI 3785, 3797, WP PJ 2241, 2231, 2229 කැබ් රථ පහයි.

ගුවන් තොටුපළ සමාගමේ නිළධාරින් පෙන්වාදෙන්නේ රටපුරා ඇති ගුවන් තොටුපළවලට රාජකාරි කටයුතු සදහා යොදා ගත් වාහන මෙසේ අමාත්‍යංශයට ලබා ගැනීමෙන් රාජකාරි සදහා යන ගමන් වලට බාධා සිදුවන බවයි.

මත්තල, මඩකළපුව, යාපනය ආදි පිහිටි ගුවන් තොටුපළවල රාජකාරි සදහා මෙම වාහන නිලදාරින් විසින් භාවිතා කර ඇති බවද පැවසේ.

මෙසේ පවරා ගන්නා වාහන වාහන නොමැත් මැති ඇතිවරුන්ට ලබා දිමට සැලසුම් කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

Continue Reading

පුවත්

පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට

Published

on

By

පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය මේ මස අවසානයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් රජය සතුව පවතින බව අමාත්‍යවරයා කියා සිටියේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved