Connect with us

පුවත්

කරන්නාගොඩ ඝාතන සැලැසුමක් වීඩියෝවකින් හෙළිවෙයි!

Published

on

හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

තම ජීවිතයට එල්ලවී ඇති තර්ජනයක් පිළිබඳව ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා  පොලිස්පතිවරයා වෙත කරන ලද  පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.

කරන්නාගොඩ මහතා වෙසෙන කුරුණෑගල වැව රවුමේ පිහිටි වයඹ  පළාත් ආණ්ඩුකාර නිල නිවස සමඟ  කුරුණෑගල නගරයේ පිහිටි වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සිට ඒ මහතා නිල නිවස කරා ගමන් කරන මාර්ගය සහ ඒ මහතාගේ ආරක්ෂාව සඳහා යන පෙර ගමන් රථය කිසියම් නාඳුනන පිරිසක් විසින් වීඩියෝගත කර තිබෙන අතර කෙසේ හෝ එම වීඩියෝ දර්ශන කිසියම් පුද්ගලයෙකු අතින් කරන්නාගොඩ මහතා වෙත ලැබී ඇත.

මෙම වීඩියෝ දර්ශන දෙස බැලූ විට පැහැදිලිවම ඒවා කරන්නාගොඩ මහතා ඉලක්ක කර ගන්නා ලද දර්ශන ලබා ගැනීමක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙතෙක් කරන ලද විමර්ශනවලින් තහවුරුවී ඇත.

මෙහි බරපතලම සිදුවීම වන්නේ කුරුණෑගල වැව රවුමේ පිහිටා තිබෙන ආණ්ඩුකාර නිල නිවසට අදාළ වීඩියෝ දර්ශන නිල නිවසට යාබදව පිහිටා තිබෙන කුරුණෑගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අයත් නිල නිවසේ සිට ලබාගෙන තිබීමය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ කාමරයක ජනේලයක් අසල සිට එම වීඩියෝ දර්ශන ලබාගෙන තිබෙන අතර ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ සේවකයින් වෙසෙන කොටස, නිල නිවසේ ඉදිරිපස කොටසක් සහ එහි නවතා තිබෙන ඔහුගේ ආරක්ෂක පෙර ගමන් රථය මෙම වීඩියෝ දර්ශනවල පැහැදිලිවම පටිගතවී තිබේ.

උසස්ම පොලිස් නිලධාරයෙකු වන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසට පිටස්තර පුද්ගලයන්ට පිවිසීමට නොහැකි ආකාරයට පොලිස් ආරක්ෂාවක් යොදා තිබියදීත් එම නිල නිවසේ කාමරයක සිට මේ ආකාරයට ආණ්ඩුකාර නිල නිවසේ දර්ශන වීඩියෝගත කිරීමට ඉඩ ලබාදි තිබීම බරපතළ වරදක් බවද එවැන්නක් සිදු කළේ කාගේ වුවමනාවකට කවුරුන් විසින්ද යන්න විමර්ශන වලින් අනාවරණය කරගත යුතු බවට ද මේවන විට මත පලව තිබේ.

මෙම වීඩියෝ දර්ශන ගැනීම හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ උණ්ඩයකට ගොදුරු වීම හා සමානව සලකන බවද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

තමන් නිල නිවසේ නොසිටි අවස්ථාවක කිසිවෙකු විසින් මෙම වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බවට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතා ආණ්ඩුකාරවරයා හමුවේ පිළිගෙන තිබෙන බවද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ඉක්මන් විමර්ශනයක් කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නද එම විමර්ශන මන්දගාමීව සිදුවීම හේතුවෙන් කරන්නාගොඩ මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබේ. 

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශනය ආරම්භ කර තිබේ.

ආණ්ඩුකාරවරයාට එල්ලවී ඇති තර්ජනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා යම් දේශපාලන මැදිහත්වීමක් සිදුව ඇත්දැයි සොයා බලමින් සිටින බවද වාර්තාවේ. 

සැක කටයුතු දුරකථන ඇමතුම් කීපයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙයවමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේවනවිට සැකකටයුතු පුද්ගලයන් කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබාගෙන ඇති බවද කියයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුකාරවරයාට ලබාදී ඇති ආරක්ෂාව වැඩි කිරීමටද පියවර ගෙන ඇත.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved