Connect with us

පුවත්

කරාපිටියේ සුළු සේවකයින් රිමාන්ඩ්

Published

on

කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රෝහල් කණිෂ්ඨ කාරය මණ්ලයේ සේවකයන් දෙදෙනා සහ සේවිකාව 29 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් මහිනාථ දහනායක මහතා නියෝග කළේය.

එදිනට හඳුනාගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

මෙසේ රිමානඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල කොට්ටවගම පදිංචි අනෝමා නිලන්ති සුබසිංහ, අකුරැස්ස දියලපේ පදිංචි සුජිවන් විජේසිංහ සහ පෝද්දල පදිංචි ප්‍රදිප් ලාල් ජාගොඩ යන සෞඛ්‍ය කාරය සහායකයක තිදෙනා වෙති.

ඉකුත් 16 වැනිදා පැවති වැඩ වරජනයට පිළිකා වාට්ටුවේ සේවකයන් සහභාගි නොවන බවට ප්‍රකාශකර තිබුණත් කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ කණිෂ්ඨ සේවකයන් වර්ජනයට සහභාගිවිම සම්බන්ධයෙන් පසුදින වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාරය මණ්ඩලය අතර ඇතිවු ආරවුලකදි කණිෂ්ඨ සේවකයන් විසින් තමාට පහරදුන් බවට වෛද්‍යවරයා කර තිබු පැමිණිල්ලක් අනුව මෙම සැකකාරිය සහ සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved