Connect with us

පුවත්

කරුණාකර මත්පැන් මිල අඩුකරන්න

Published

on

වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව මත්පැන් මිල නැවත වතාවක් ඉහළ දැමූ බවත් අඩුමිලට මත්පැන් බෝතලයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවත් එය ද මේ වනතෙක් ක්‍රියාත්මක වී නොමැති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

“දැන් ඔබතුමාලාගෙ ආණ්ඩුව ආවා, මත්පැන් මිල ඉහළට ගියා.

වසන්ත සමරසිංහ ඇමතිතුමා බොන්නෙ නෑ මම දන්න විදියට, නමුත් මේකෙ ඉන්න සමහර අය අඩියක් ගහනවා. මාත් ගහනවා.

මේ මිල අඩුකරන්න උත්සාහ කරන්න. මම කියන්නෙ අහිංසක මිනිස්සු වෙනුවෙන්.

මේ රටේ මිනිස්සුන්ව එහෙම නවත්වන්න බෑ. ඉඳලා හිටලා හවසට මහන්සි වුණාම පොඩි අඩියක් ගහනවා, මඟුල් ගෙදර ගියාම පොඩි අඩියක් ගහනවා, එහෙම මිනිස්සුනෙ ඉන්නෙ. නවත්වන්න එපා,

ඒක නවත්වන්න ගිහිල්ලා එක ඡන්දයක් හම්බවෙන්නෙ නෑ. හොයලා බලන්නකො සීයකින් කීදෙනෙක් බොනවද නැද්ද කියලා.

මම කියන්නෙ හොම්බෙන් යන බේබද්දො ගැන නෙවෙයි. මම මේ කියන්නෙ සාමාන්‍ය මිනිස්සු ගැන. මම දැක්කා කලින් තිබුණා අඩුමිලට බෝතලයක් කියලා. අද පත්තරේ තියෙනවා සුරාබදු අඩුමිල බෝතලය ලත් තැනම ලොප් වෙයි කියලා. තාම නෑ, දැන් මිනිස්සු බලාගෙන ඉන්නවා.

හුඟක් අය ගල් නෙ ගහන්නෙ. ඉතින් ගල් බෝතලය සමානව මොකක්හරි ඉල්ලනවා, නැත්නම් කසිප්පු ගහන්නෙ. ගම්වල කසිප්පු වැඩිවෙලා. කසිප්පු ගැහුවාම මොකද වෙන්නෙ, ඊළඟට ගිහිල්ලා ඉස්පිරිතාලවල.

මම කියන්නෙ මිනිස්සු බොන එක නවත්වන්න බැරි නම්, අපි බාර්වලින් නම් ආදායම ගන්නෙ රටේ අනිත් මිනිස්සුන්ගෙ දේවල්වලට, කරුණාකරලා මේ දේවල් ගැන හොයන්න”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved