Connect with us

පුවත්

කරු ජයසූරිය මහතාට නව තනතුරක්

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන්ගේ සංසදයේ පළමු රැස්වීම කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එම සංසදයේ සභාපති ධුරයට හිටපු ගරු  කථානාකයක දේශමාන්‍ය කරු ජයසූරිය මහතා ඒකමතිකව පත් කරන  ලද්දේ හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ සහ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී ජයසේන මහත්මියගේ යෝජනා  ස්ථිරත්වයෙනි.

එයට අමතරව සියළු මන්ත්‍රීවරයන්ගේ එකඟත්වයෙන් සංසදයේ කැඳවුම්කරු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත ප්‍රේමරත්න මහතා පත් කෙරිණි.

මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතාද එක්ව සිටියහ.

මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව දීර්ඝ වශයෙන්සාකච්ඡා කළ අතර, එම ගැටලු මගහරවා ගැනීම සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දැනුම සහ අත්දැකීම් රටේ අනාගත අභිවෘද්ධිය සඳහා දායක කර ගැනීමේ වැදගත්කම කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව සංසදය සඳහා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සතුව ඇති ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන පරිචය උපයෝගී කර ගනිමින් රටේ සංවර්ධනයට දායක වීම පිණිස අනු කමිටු පිහිටුවීමටද මෙහිදී මන්ත්‍රීවරයන්ගේ එකඟත්වය පළ විය.

ඒ අනුව සුභසාධන කටයුතු පිළිබඳ අනු කමිටුව, ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අනු කමිටුව, දේශපාලන කටයුතු පිළිබඳ අනු කමිටුව, ආර්ථික හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අනු කමිටුව වශයෙන් අනු කමිටු පිහිටුවන ලදී.

මෙම රැස්වීමට හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු නියෝජ්‍ය කථානායකවරුන් වන තිලංග සුමතිපාල සහ ආනන්ද කුමාරසිරි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ශාන්ත ප්‍රේමරත්න, අනුර බැස්ටියන්, චන්ද්‍රදාස ගලප්පත්ති, රන්ජන් රාමනායක, චන්දන කත්‍රිආරච්චි, ජීවන් කුමාරතුංග, සුමේධා ජී ජයසේන, තිස්ස කරළියද්ද, එම්.එස්.එස්. අමීර් අලි, නොඑල් පද්මසිරි, ආනන්ද කුලරත්න, සමන්තා කරුණාරත්න, හේමා රත්නායක, උපාලි අමරසිරි, තේමිය හුරුල්ලේ, කේසරලාල් ගුණසේකර, සමන්සිරි හේරත්, දීපාල් ගුණසේකර, ප්‍රේමසිරි මානගේ, පී. තිස්සකුට්ටිආරච්චි, උදිත ලොකුබණ්ඩාර, කමලා රණතුංග, ආර්.
නන්දිමිත්‍ර ජී ද සොයිසා, රවීන්ද්‍ර සමරවීර, නන්දන ගුණතිලක, නන්දිමිත්‍ර ඒකනායක, පී දයාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved