Connect with us

පුවත්

“කවුරුත් බෝල ගහන්නේ අපි හදපු පිට්ටනියේ”

Published

on

නව ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීමේ බලාපොරොත්තුවක් නැත්ත අත්දැකීම් නැති කණ්ඩායමක් සමඟ රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව දැන් හෝ ජනතාව තීරණය කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

පසුගිය වසර දෙක තුළ වැටුණු ආර්ථිකයක් ගොඩගෙන යථාතත්ත්වයට පත්කිරීමට හැකි වූ අතර දැන් කවුරු කවුරුත් බෝල ගහන්නේ එදා අපි හැදු පිට්ටනියේ බව දිසානායක මහතා සඳහන් කර සිටියේය.

”පත්වුණ ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටේ ජානතාව දැන් තීන්දු කරන්න ඕනේ ඇල්පිටියේ ජනතාව වගේ මේ රටේ අත්දැකීම් නැති කණ්ඩායමක් සමඟ රටක් ගෙනියන්න බැහැ කියන කාරණය. අලුත් අය ඉන්න ඕනේ ඇත්ත. විද්වතුන් ඉන්න ඕනේ ඇත්ත. හැබැයි දේශපානය කියන එකේදී අත්දැකීම් නැතුව මේ දේ කරන්න නොහැකියි කියන කාරණාව අද ඉතාම හොඳින් පැහැදිලි වෙලා තියෙනවා. අපි සතුටු වෙනවා පහුගිය අවුරුදු දෙක තුළ පුළුවන්කම ලැබුණා මේ රටේ වැටිච්ච ආර්ථිකය නැවත වතාවක් යථාතත්ත්වයට පත්කරන්නත් මේ රටේ ජනතාවට ආර්ථිකය වැටිච්ච රටක ඉඳල නැවත වතාවක් ශක්තිමත් ආර්ථිකයක් කරා ගෙනියන්න අඩිතාලම දාන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා කවුරු කවුරුත් බෝල ගහන්නේ අපි හදපු පිට්ටනියේ. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාත් සමඟ අපි ප්‍රධාන පක්ෂ සියල්ලම එකට එකතුවෙලා වැටිච්ච ආර්ථිකය නැගිට්ටවන්න තමයි අපි වැඩ කටයුතු කළේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඓMF එක,ණය දුන්න රටවල්,පුද්ගලික බැඳුම්කර සියල්ලම අපිට කලමානකරණ කරගෙන මේ තැනට එන්න පුළුවන්කම ලැබුණේ. අපි ගෙනාපු වැඩසටහනම ගෙනියනවා කියන එකත් අපිට තේරෙනවා. ඒ වගේම තේරෙන්නේ නැහැ මෙතරම් ණය කන්දරාවක් මේ වෙලාවේ ගන්නේ ඇයි කියල. අපේ ආර්ථික සැලසුම අනුව මේ තරම් ණය ප්‍රමාණයක් ගන්න තිබුණේ නැහැ. මොකද අපි ආර්ථිකය ඉතාම කලනමනාකරණය කරගනිමින් යන නිසා තමයි එදා තිබුණු විපක්ෂයට ආණ්ඩු පක්ෂයට චෝදනා කරන්න පුළුවන් වුණේ ජනතාව පීඩනයට පත්කරනව කියන දේ.”

පුවත්

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි (වීඩියෝ)

Published

on

By

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.

ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

Continue Reading

පුවත්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved