Connect with us

පුවත්

කවුරු වෘත්තිය සමිති අහෝසි කරත්, අපි කරන්නේ නැහැ – ස්ටාලින්

Published

on

වෘත්තිය සමිති අහෝසි කරනවා කියන අයට ඔවුන්ගේ වෘත්තිය සමිති අහෝසි කරගැනීමට හැකියාව ඇති නමුත්, අනෙක් වෘත්තිය සමිති කිසිවක් අහෝසි නොවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියයි.

මේ වන තෙක් මෙරට ජනතාව දිනාගෙන ඇති සියල්ල දිනා දී ඇත්තේ වෘත්තිය සමිතිවල මැදිහත්වීමෙන් බවද ඔහු කියා සිටියේය.

මේ සම්න්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.

‘‘කවුරු හරි කියනවනම් වෘත්තිය සමිති අහෝසි කරනවා කියලා අපිට කිසි අවුලක් නැහැ. ඒ කියන අයට ඔවුන්ගේ වෘත්තිය සමිති අහෝසි කරගන්න පුළුවන් අපි නම් කරන්නේ නැහැ. මේ රටේ වෘත්තිය සමිති කවදාවත් අහෝසි වෙන්නේ නැහැ. ජවිපෙ වෘත්තිය සමිති ද ඇතුළත්ව තමයි පසුගිය කාලේ අපි ගුරු සටන් කළේ. දැවැන්ත උද්ඝෝෂණයක් කරලා අපි ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් ආණ්ඩුවට බලපෑමක් කළා. මේ හැමදේටම හයියට හිටියේ වෘත්තිය සමිති.’’

මූලාශ්‍රය – අරුණ

පුවත්

අදින් ආරම්භ වෙන “ජාතික බදු සතිය”

Published

on

By

ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

“බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද සිට ලබන 07වනදා දක්වා වු සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

අද සිට රක්ෂිතයක් වන නිල්ගල

Published

on

By

අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල පැතිර තිබෙන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස අද (02) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

හෙක්ටයාර 40,683ක සමන්විත නිල්ගල වනය මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල ලෙස වන සංරක්ෂණ බීට්ටු හතරකින් සමන්විතය.

එහි ප්‍රධානම වන සංරක්ෂණ කොටස බිබිල අඩවිය වේ.

නිල්ගල වනය රක්ෂිතයක් ලෙස නම් කිරීමේ සමාරම්භක උත්සවයේ සංවිධාන කටයුතු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත බිබිල, රතුගල ආදිවාසී ජන උරුම මධ්‍යස්ථානයේ දී අද (02) පෙරවරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

ජූනි 05 වනදාට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ යටතේ ජාතික පරිසර සතියක් නිවේදනය කර තිබෙන අතර, එහි සිව්වන දිනය වන අද දිනය ජෛවවිවිධත්ව සංරක්ෂණ දිනය ලෙස නම් කර ඇත.

Continue Reading

පුවත්

පළාත් පාලන ආයතන 161ක කටයුතු අදින් ආරම්භ වේ

Published

on

By

පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) දිනයේ සිට ආරම්භ වේ.

පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම සිදුකළ යුතු බව සඳහන්ය.

දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම අද දිනයේදී සිදුකළ හැකි අතර, අනෙකුත් ආයතනවල සභා  පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර පළාත්පාලන ආයතනවල ආණ්ඩු පක්ෂය ගන්නා ජනතාවාදී තීරණ සඳහා සහාය ලබාදීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේය.

බහුතර බලය හිමිකරගෙන නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂය සුදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ජාතික ජනබලවේගයට ජනතාව විසින් ලබා දුන් බලය අනුව පළාත් පාලන ආයතන පිහිටුවීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පැවසුවේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved