Connect with us

පුවත්

“කසිප්පු නවත්තන්න අරක්කු මිල අඩු කරන්න”

Published

on

නීත්‍යනුකූල මත්පැන්වල මිල අඩුකර දෙන්නේ නම් රටේ ජනතාවට වටින බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසයි.

මත්පැන්වල මිල අඩුකිරිමෙන් රටේ මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම නතර කිරිමට හැකි බවත් ඒ මඟින් මිනිසුන්ව යහමඟට ගැනිම සඳහා ක්‍රමයක් සාදා ගත හැකි බවත් උන්වහන්සේ පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් වනවාසී රාහුල හිමි කියා සිටියේ, මේ රට දැන් චිකාගෝවක් බවට පත් වි තිබෙන බැවින් මේ ක්‍රමයෙන් තවදුරටත් යා හැකි ද යන්න ප්‍රශ්නයක් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු වනවාසී රාහුල හිමි,

“මේ රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රධාන මාතෘකාවක්. අපේ රටේ ආර්ථිකය ගොඩනඟන ව්‍යාපාරය තමයි සංචාරක ව්‍යාපාරය. මෙවැනි දේවල් දැක්කම යූටියුබ්වලින්, අනෙක් සමාජ මාධ්‍යවලින් මේ රටට ලෝකයේ මිනිස්සු එන්න බය වෙනවා. ලංකාව ගැන හොයනකොට සමාජ මාධ්‍යවල මේවා තමයි ඉහළට එන්නේ. ඒ වගේම අපේ රටේ මාධ්‍යයත් මම දැක්කා සමහර ඝාතන සිද්ධීන් ඒ ආකාරයෙන්ම මාධ්‍යයෙන් පෙන්වනවා ජනතාවට. ඒක මම හිතන්නේ නෑ සදාචාරාත්මක මාධ්‍ය ආයතනවල වගකීම කියලා.

ඒ නිසා මේ වගේ දේවල් කරන්න එපා. එක්කෝ රජයෙන් මේවාට නීති පනවන්න අවශ්‍යයි. පිටරටවල මාධ්‍ය මගින් කෙනෙක්ගේ ඝාතනයකට අදාළ රූපරාමු පෙන්වන්නේ නෑ. අපි දැක්කා පසුගිය දවස්වල ඇති වුණ සිද්ධීන් සියල්ලම මාධ්‍ය තුළින් පෙන්නුවා. බලන්න බය හිතෙනවා ඒවා දැක්කම. කිසිම බය සැකයකින් තොරව ගිනිඅවි අරගෙන ඇවිත් මිනිස්සුන්ට වෙඩි තියනවා. වෙඩි තියලා වෙනත් වාහනයකින් යනවා.මේවා දැක්කම පුංචි ළමයින්ගේ මනස වුණත් විකෘති බවට පත් වෙනවා. දැන් හැම දරුවෙක් අතේම ෆෝන් තියෙනවා. ෆෝන් එකෙන් ගහපු ගමන් එන්නේ ඇස් දෙකෙන්ම දැකිය නොහැකි ඡායාරූප හා වීඩියෝ පට. පිටරටවල මේවා කරන්නේ නෑ. ඒ නිසා මාධ්‍ය සදාචාරයක් පැවැත්වීම සඳහා වගකීමක් තියෙනවා ආණ්ඩුවට.දරුවන්ගේ මනස අවුල් කරන, දරුවන්ගේ මනස වෙනස් කරන සමස්ත ජන මනස වෙනස් කරන මෙවැනි දේවල් ප්‍රචාරය වැළැක්වීමට නීති ගේන්න අව්‍යශ්‍යයි. මේ රටේ බහුතරයක් මත්පැන් පාවිච්චි කරන මිනිස්සු ඉන්නේ. උදේ ඉඳලා කුලී වැඩ කරන මිනිස්සුන්ට නීත්‍යනුකූල මත්පැන් බෝතලයක් අරගෙන පානය කරන්න ක්‍රමයක් නෑ. හේතුව තමයි මේක අහස උසට ගණන්.හොඳම ක්‍රමය තමයි ගෙදර වඩියක් හරි දාගන්නවා.කාලක්, භාගයක් බීලා චූන් එකේ ඉන්නවා. නීති විරෝධී මත්පැන් වැඩි වෙන්න හේතුවක් තමයි නීත්‍යනුකූල මත්පැන්වල මිල වැඩියි. වැට් වැඩියි. ඒ නිසා ඒවයේ මිල අඩු කරලා පහසුකම් ටිකක් අපේ රටේ ජනතාවට දෙනවා නම් වටිනවා. මම අනුමත කරන්නේ නෑ, මත්පැන් පානය කරන එක. නමුත් අපේ රටේ ගම් මට්ටමේ තියෙන මත්ද්‍රව්‍ය උවදුර, නීති විරෝධී මත්පැන් පෙරීම සම්පූර්ණයෙන්ම නතර කරන්න පුළුවන්.තකොට ඒ මිනිස්සුන්ව යහමඟට ගන්න පුළුවන් ක්‍රමවේදය හදා ගන්නත් පුළුවන්.”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved