Connect with us

පුවත්

කසිප්පු පානය සියයට පන්සීයකින් ඉහල ගිහින්

Published

on

ශ්‍රී ලංකාව තුළ හොර මත්පැන්වල (නීත්‍යානුකූල නොවන මත්පැන්වල) වර්ධනය 500% ක් තරම් විශාල ප්‍රතිශතයක් බව වාර්තා වේ.

නීත්‍යානුකූල මත්පැන් පානය 50% කින් වර්ධනය වෙද්දී මෙලෙස නීත්‍යානුකූල නොවන මත්පැන් 500% කින් වර්ධනය වීම බරපතළ සමාජ ප්‍රශ්න උද්ගත කර තිබේ.

දැනට මත්පැන් බලපත්‍ර වර්ග 25 ක් යටතේ ශ්‍රී ලංකාව තුළ මත්පැන් අලෙවිසල් 4570 ක් ක්‍රියාත්මක වන බව පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙයින් බලපත්‍ර 538 ක්ම මෘදු මත්පැන් අලෙවිය සඳහා ලබාදුන් බලපත්‍ර බවද සඳහන්ය. 

මෙලෙස අලෙවි කරන එක් මත්පැන් බෝතලයකින් 75% ක බදු මුදලක් අයකෙරෙන අතර ව්‍යාජ මත්පැන් අලෙවිය වැළැක්වීම සඳහා ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

එහෙත් මෙම ස්ටිකර් ව්‍යාජ ලෙස අලවන ලද මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. 

එයින් මත්පැන් බෝතල් 43776 ක් මිලිලීටර් 180 (කාල බෝතල්) බව තහවුරු කරගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

 මෙරට මත්පැන් හල් ව්‍යාප්තිය සම්බන්ධ තොරතුරු සලකා බැලීමේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනගහනය 6809 දෙනකුට එක් මත්පැන් හලක් ක්‍රියාත්මකය. 

එහෙත් මුලතිව් දිස්ත්‍රික්කයේ එක් මත්පැන් හලක සේවය ලබාගන්නේ 9,90,000 ක් තරම් විශාල ජන සංඛ්‍යාවකි.

මූලාශ්‍රය – ‌දේශය 

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved