Connect with us

පුවත්

කසිප්පු වෙනුවට ප්‍රමිතියෙන් යුත් මත්පැන්

Published

on

මෙරට තුළ භාවිතවන නීති විරෝධි මත්පැන් වෙනුවට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය යටතේ නව මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කර හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පැවති මුදල් කාරක සභාවේදී (COPF) අදහස් දක්වමින් සුරාබදු නිලධාරීන් මේ බව පැවසීය.

එහිදී ඔවුන් පෙන්වා දුන්නේ නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට මෙය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා,

“නීති විරෝධි මත්පැන් භාවිතාකරන අය නිතිමය පැත්තට ගන්න පුළුවන්.  40% – 45%කට වැඩි පිරිසක් නීතිවිරෝධි මත්පැන් පැත්තේ ඉන්නේ. ඒ අය තමයි අපි නීතිමය පැත්තට ගන්න ඕන.

ඒ පාරිභෝගිකයාට ගැළපෙන මිලට අලුත් මත්පැන් වර්ගයක් දෙන්න පුළුවන් නම් බිලියන 50කින් විතර ආදායම වැඩිකරගන්න පුළුවන්”
 යනුවෙන් පැවසීය.

මෙහිදී සුරාබදු ඉහළ නිලධාරීන් පෙන්වා දුන්නේ 85% සැර වෙනුවට කසිප්පුවල තිබෙන අහිතකර ද්‍රව්‍යවලට වඩා හොද ප්‍රමිතියයෙන් මත්පැන් නිෂ්පාදනය කිරීමට අදහස්කරන බවයි.

එහි ආරම්භය ලෙස 25% සැර යටතේ මිලිලීටර් 180ක මත්පැන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ නමුත් මේ සියල්ල අනිවාර්යයෙන්ම පරීක්ෂාකර බලා නියමිත ප්‍රමිතියෙන් නිකුත්කරන බව පෙන්වා දුන්නේය.

පැලවත්ත සහ සෙවනගල ස්කාගාර ඒ ප්‍රශ්නයට විසදුමක් ගතහැකි බවත්, ප්‍රමිත මට්ටමකට මෙම ස්ප්‍රිතුව නිෂ්පාදනය කළහොත් අවම වශයෙන් බිලයන 50 -100 අතර බදු ආදායමක් ලබාගත හැකි බව සුරාබදු නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වීය.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved