Connect with us

පුවත්

කහන්තොට විෂ වායුවෙන් 2ක් මියයාම අයිස් නිෂ්පාදනය කිරීමේ ප්‍රතිඵලයක්!

Published

on

මාලඹේ කහන්තොට ප්‍රදේශයේ නිවසකින් විෂ ආග්‍රාහාණයවීමෙන් මියගිය පුද්ගලයන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ උත්සහායක නිරත වූ බවට සැකය මත රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මීට මාසයකට පෙර යාපනය කෝපායි හි කර්මාන්තශාලාවකින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට සැකපිට අත්අඩංගුවට ගෙන රජයේ රස පරීක්ෂකවරයාට යොමුකළ රසායනික ද්‍රව්‍යත් මාලඹේ කහන්තොට නිවසෙන් හමුවූ රසායනික ද්‍රව්‍යත් එක හා සමාන බවට දැනට තහවුරු වෙමින් පවතින බවට විමර්ශන නිලධාරීන් පවසයි.

මාලඹේ කහන්තොට නිවසේ තිබී සැකකටයුතු රසායනික ද්‍රව්‍ය අඩංගු ලීටර් 10 කෑන් 10ක් ද බහාලුමක අසුරන ලද තහඩු කෑන් 2 ක් ද සොයාගෙන තිබුණු අතර ඒවායේ සාම්පල් රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂණ සඳහා රැගෙන ගොස් ඇත.

රජයේ රස පරීක්ෂකවරයා, අන්තාරාදායක ඖෂධ නියාමන අධිකාරියේ, විශේෂ කාර්ය බළකාය හා ශ්‍රීලංකා පරමාණු බලශක්ති නියාමන අධිකාරියේ නිලධාරීන් පැමිණ ඊයේ සිදුකළ පරීක්ෂණවලින් මෙම නිවසේදී හමුවූ රසායනික දියර වර්ගය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අඩංගු කරගන්නා ද්‍රව්‍යයක් බවට සැක පහළ කර ඇත.

යාපනයේ කර්මාන්තශාලාවේ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් උපකරණවල අයිස් මත්ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට නිල නොවන මට්ටමින් දැනුම් දී ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

මාලඹේ කහන්තොට ග්‍රීන් ටෙරස් නිවාස සංකිර්ණයේ ජයන්ති මාවතේ පිහිටි නිවසක විෂ ආග්‍රහාණය වූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ඉකුත් 12වැනිදා මියගොස් තිබිණි.

මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල කඩවත පාරේ පදිංචි ජෝසෆ් මරියෝ නැමති 63 හැවිරිදි අයකු සහ ඔහුගේ මිතුරකුගේ රියැදුරු ලෙස සේවය කළ මොණරාගල කිනිවල පදිංචි සමන්ත පුෂ්පකුමාර නැමැති 43 හැවිරිදි තිදරු පියෙකි.

ජෝසෆ් මරියෝ නැමැත්තා ඔස්ටේලියානු ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු වන අතර ඔහු කලකට පෙර ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ ඇත.

මරියෝ නැමැත්තාගේ මිතුරෙකු වන ඇමරිකානු පුරවැසිභාවය හිමි වියට්නාමයේ පදිංචිව සිටි මිලින්ද බර්නාඩ් අලහකොන් නැමති අයකු සමගින් මාලඹේ ටෙරස් නිවාස සංකීර්ණයේ නිවසට පැමිණ ඇත්තේ පසුගිය 12 වැනිදා ය. 

ඒ රියදුරු වූ ප්‍රියන්තගේ සහෝදරයා වන පානදුර රෝහලේ වෛද්‍යවරයකුගේ නිවසකටය.

මිලින්ද අලහකෝන් නැමැත්තා නිවසේ ආලින්දයේ අසුන්ගෙන සිට ඇති අතර මරියෝ හා ඔහුගේ රියදුරු මුළුතැන්ගෙයි සිට ඇත. 

වැසිකිළියට ගිය ප්‍රියන්ත බොහෝ වෙලාවක් නොපැමිණීම මත මරියෝ සහ මිලින්ද සොයාබැලීමක් කර ඇති බවත් එහිදී ප්‍රියන්ත වැසිකිළියේ සිහිසුන්ව වැටී සිටිනු දැක දෙදෙනාම ඔහුව ඔසවාගෙන පැමිණ මෝටර් රථයකට දමා කොළඹ පුද්ගලික රෝහලක් කරා රැගෙන ගොස් ඇත.

මරියෝ නැමැත්තා රථය පදවා ඇතිමුත් ක්ලාන්ත ගතියක් ඇතැයි කියමින් ඔහු රථය මිලින්ද නැමැත්තාට බාර දී ඇත. 

ඒ සමගම පිටුපස අසුනේදී මරියෝ නැමැත්තා ද සිහිසුන්වී ඇත. 

මිලින්ද නැමැත්තා රථය පුද්ගලික රෝහල කරා පදවා ඇති අතර ඔවුන්ව පුද්ගලික රෝහලෙන් බාරගැනීමට නොහැකි බව පවසා ඇත්තේ දෙදෙනාම මියගොස් සිට ඇති නිසාය.

මේ අනුව මරණකරුවන් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබුණු අතර එහිදී මොවුන් දෙදෙනාම මියගොස් ඇතැයි තහවුරු කර ඇත.

මේ සම්බන්ධයෙන් මිලින්ද නැමැත්තා සමන්ත පුෂ්පකුමාර නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන මාලඹේ ටෙරස් මාවතේ අනතුර සිදුවූ නිවසේ පදිංචිකරු වන වෛද්‍ය ප්‍රියන්ත බණ්ඩාරට දුරකතනය මගින් දැනුම් දී තිබිණි.

නිවසේ පදිංචිකාර වෛද්‍යවරයා තලංගම පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ මියගොස් ඇත්තේ තම සහෝදරයා බවත් ඔහුගේ උදරයේ, බෙල්ලේ, පාදවල සහ දකුණතේ වැලමිට අසල අසාමාන්‍ය තුවාල තිබෙනු දක්නට ලැබූ බවත්ය.

තම වැඩිමහල් සහෝදරයා මිලින්ද නැමැත්තාගේ රියැදුරු ලෙස දීර්ඝ කාලයක් සේවය කර ඇති අයකු බවත් ඔහු තිදරු පියෙකු බවත් ඔහුගේ ශාරීරික තුවාල හා සිදුවීම් මත මරණය පිළිබඳ සැකයක් ඇති බවත් වෛද්‍යවරයා පොලිසිය හමුවේ පවසා ඇත.

තම සහෝදරයාට දියවැඩියා රෝගය තිබුණත් ඔහු එය පාලනය කරගත් බවත් ඔහු නිරන්තරයෙන්ම ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය සන්තකයේ තබාගන්නා අයකු වුවත් රෝහල් ගතකළ අවස්ථාවේ ඒ කිසිවක් නොතිබූ බවත් එම කටඋත්තරය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මීට මාසයකට පෙර යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැටලීමට ලක්කළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට සැක කර්මාන්තශාලාව ආවා කල්ලියේ සාමාජිකයකු හා ඔහුගේ බිරිඳ විසින් කුලියට ලබාගත් නිවසක පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. 

මෙම සැකකරු හා සැකකාරියද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණු අතර මොවුන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ගෙන්වාගෙන විද්‍යුත් උපක්‍රම ද භාවිතා කරමින් මෙම නිෂ්පාදන කටයුතු සිදුකර ඇතැයි හෙළිවී තිබිණි.

එවක යාපනය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වූ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණු අතර මේ සඳහා නිවස කුලියට දුන් පුද්ගලයා මේ වනවිටත් අත්අඩංගුවට ගෙන නොමැත්තේ ඔහු පැනගොස් ඇති නිසාය.

මෙම කර්මාන්තශාලාවෙන් හසුවූ නළ හා දඟරවලින් ලබාගත් සාම්පල මගින් එහි අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවට හෙළිවී ඇති අතර ඒ සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

මෙරට පළමු වරට අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ උත්සහායක් වාර්තා වූයේ අවිස්සාවේල්ල කොස්ගම පොලිස් වසමේදී බවත් එය 2009 දී වාර්තාවූ බවත් පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි. 

පොලිසියට මීළඟට ඇති අභියෝගය වන්නේ ඉන්දියාවේ නිවෙස්වල අයිස් මත්ද්‍රව්‍ය නිෂාපාදනය කරන ආකාරයට මෙරටදීත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට පෙලඹීම මැඩලීම බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අවසන් වරට පැවති යුක්තිය මෙහෙයුම සම්බන්ධ සමාලෝචන රැස්වීමේදී පොලිස් ප්‍රධානීන් ට අනතුරු අඟවා තිබිණි.

මූගාශ්‍රය – අරුණ

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved