Connect with us

පුවත්

කහ උණ හා මෙනින්ජයිටීස් එන්නත් හිඟයෙන් විදේශගතවන ලාංකිකයන්ට බාධා

Published

on

විදේශගතවන ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන කහ උණ එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම හේතුවෙන් විදේශගතවන්නන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙම එන්නත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාත්‍යන්තර සෞඛ්‍ය ඒකකයේ දැනට මාස කිහිපයක සිට නොමැති වීම නිසා කහ උණ පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කොළඹ ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව කහ උණ රෝග තත්ත්වය වළක්වා ගැනීම සඳහා එන්නත්කරණය කිරීම සාමාජික රටවල වගකීමක් බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකිකයන් විදේශගත වීමේදී සහ නැවත පැමිණීමේදී කහ උණ පැතිර යාමේ අවදානමක් මතුව ඇති බැවින් ලක් රජය ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කිරීම බරපතළ කරුණක් බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසා ඇත්තේ කහ උණ සඳහා එන්නත් ලබාදීම සඳහා ගිවිසුම්ගතව සිටි සැපයුම්කරු නියමිත ලෙස එන්නත් නොදීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වි ඇති බවයි.

තවද, මෙනින්ජයිටීස් රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලෙස මැදපෙරදිග කලාපයේ සංචාරකයින් හට ලබාදෙන අතර එම එන්තත් ද මේ වනවිට මෙරට ගබඩාවල නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසා ඇත.

අදාළ එන්නත් මේ වනවිට ඇණවුම් කර ඇති අතර ඉදිරි සතිය ඇතුළත දිවයිනට ලැබිමට නියමිත බව වාර්තා වේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved