Connect with us

පුවත්

කළුතර සිද්ධියේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Published

on

පසුගියදා කළුතරදී සිදුවූ 16 හැවිරිදි දැරියකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී ඇත.

ඊයේ අත්අඩංගුවට ගැනුනු ප්‍රධාන සැකකරුව අද (10) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මේ අතර, සිද්ධියට අදාළ කාල සීමාව තුළ මියගිය සිසුවියගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.

පුවත්

ඡන්ද පෝස්ටර් එක්ක දෙන්නෙක් මාට්ටු

Published

on

By

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කින්‍නියා ප්‍රදේශයේ දේශපාලන පක්ෂ දෙකක කාර්යාලවල තබාගෙන  තිබු නීති විරෝධී  ප්‍රචාරක පෝස්ටර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව කින්නියා පොලිසිය පවසයි.

කින්නියා, බුහාරි අඩි හන්දියේ  පිහිටි මැතිවරණ කාර්යාලයක හා ඒ ආසන්න තවත්  මැතිවරණ කාර්යාලයක තිබී මෙම පෝස්ටර් තොගය සමඟ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු එම කාර්යාල පරික්ෂා කිරීමේදී මෙම පෝස්ටර් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Published

on

By



විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බවය.

ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Continue Reading

පුවත්

ඡන්දෙ දාන්න යන අයට විශේෂ බස් සහ දුම්රිය සේවා

Published

on

By

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

එහි සභාපති රමල් සිරිවර්ධන සදහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද (12) සහ හෙට (13) යන දෙදින තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බවය.

මේ අතර, දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාරවලට අමතරව මැතිවරණය සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුම්රිය සදහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළ ප්‍රකාශ කලේය.

මේ අතර, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත්තේ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මැතිවරණ සේවා වෙනුවෙන් යොදා ගැනීම නිසා හෙට දින මගී තදබදයක් ඇතිවිය හැකි බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved