Connect with us

පුවත්

කළුතර සිසුවියගේ සිරුරේ දත් පහරවල්; සැකකරු තවම නිදැල්​ලේ

Published

on

කළුතර නගර මධ්‍යයේ පිහිටි හෝටලයක උඩු මහලින් වැටී 16 හැවිරිදි සිසුවියක මිය යාමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියක මැයි 15 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කළුතර වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා අද (08) නියම කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මියගිය සිසුවිය සමග හෝටලයට ගිය ඇගේ යෙහෙළියක වූ පබර මාවින්දි, ඇගේ පෙම්වතා බව කියන ඉහාන් තිනුර ද සිල්වා සහ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ දැනට අතුරුදහන්ව සිටි සැකකරු මෝටර් රථයකින් රැගෙන ගිය බව කියන කවිඳු අංජන ලංකාපුර යන තිදෙනාය.

කළුතර නාගොඩ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක වූ ටිහාරා නිර්මාණී සිල්වා මෙම සිද්ධියෙන් මිය ගියාය.

ප්‍රධාන සැකකරු ලැගුම් හලෙන් පලාගිය මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සගවා තිබියදී සොයාගෙන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි මෝටර් රථයේ රියදුරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනි.

තරුණිය ඇදවැටීමෙන් පසු ලැගුම් හලෙන් පලාගිය සැකකරු බණ්ඩාරගම ගැලනිගම දක්ෂිණ අධිවේගී පිවිසුම අසලට ගමන්කර එහි මෝටර් රථය දමා යාමෙන් පසු රථය රැගෙන පැමිණ ඇති බවට රියදුරුගේ ප්‍රකාශ වලින් තහවුරුව ඇති බව අධිකරණයේදී කියැවිණි.

මෙම සිව්දෙනා ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් පස්වරු 6.20 ට පමණ කළුතර ලැගුම්හලට පැමිණ වායුසමනය කළ සහ නොකළ වශයෙන් කාමර දෙකක් ලබාගෙන ඇති බවත්, ඔවුන් සමග සිව්දෙනාම එකම කාමරයක මත්පැන් පානය කරමින් සිටින අයුරු හෝටල් සේවකයකුගේ ප්‍රකාශවලින් තහවුරුව ඇති බවත් වාර්තා වේ.

හෝටලය තුල පැයකට ආසන්න කාලයක් රැදීසිටි රිමාන්ඩ් බාරයට පත් වූ තරුණ යුවළ හෝටලයෙන් පිටව ගොස් ඇති අතර ඉන්පසු ප්‍රධාන සැකකරු අනෙක් තරුණයාට පාසල් සිසුවිය පහළට ඇදවටුන බවත්, අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා ඕක හංගපන් යනුවෙන් උපදෙස් දී ඇති බවත් සදහන් වේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා මළසිරුර වැටී තිබුන ස්ථානයට මීටර් 600 ක් පමණ පාගමනින් ගොස් රේල්පාරේ තිබූ මළසිරුර අයිනකට ඇද දමා කළුතර දෙසට ගමන්කර ඇතැයි ද පොලිසිය කීය.

නිරුවත් මළසිරුර රේල් පාරෙන් ඉවත්කරන අයුරු හෝටල් සේවකයකු සහ හෝටලයේ දෙවන මහලේ ආහර ගනිමින් සිටී කාන්තාවක දැක ඇති බවද පොලිසිය කීය.

කළුතර ශීක්ෂණ රෝහලේදී  පශ්චාත් මරණ විමර්ශනය සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී ඩී.කේ. වෙනුරජිත් මහතා විසින් සිදුකර ඇති අතර, ශරීර කොටස් සහ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇත.

ශරීරය පරීක්ෂා කිරීමේදී දැරියගේ දකුණු පාදයේ සහ වම් පියයුරක දත් පහරවල් නිරීක්ෂණයවී ඇතැයිද සදහන් වේ.

පුවත්

 තරුණයකුගේ වෘෂණ කෝෂ තැලූ සිද්ධියකට “ටීචර් අම්මා” පොලිසිය සොයයි

Published

on

By

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ, ඇයගේ ආයතනයේ සේවය කළ තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

සිද්ධියට මුහුණදුන් තරුණයා පොලීසියට පවසා ඇත්තේ සමාජ මාධ්‍යයේ පළ වූ පෝස්ටුවකට අදාළව ගුරුවරිය ඇතුළු කිහිපදෙනෙකු විසින් තමන්ට පහර දුන් බවයි. 

එසේම, හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති බවද පැවසේ.

ඒ අනුව පහරකෑමට ලක්වූ එම තරුණයා මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

චෝදනාවට ලක්ව සිටින ටීචර් අම්මා නමැති අදාළ ගුරුවරිය අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවස සහ උපකාරක පන්ති පවත්වන ස්ථානය පරික්‍ෂා කළද එම ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබූ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ඇය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට පොලීසිය සැක පළකරයි.

කෙසේවෙතත් අදාළ තරුණායට පහරදීමේ සිද්ධියට ඇයගේ සැමියා හා ඇයගේ ආයතනයේ කළමනාකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

ඒ අනුව සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එහිදී අධිකරණය පොලීසියට නියෝග කර ඇත්තේ හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා‘ නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Continue Reading

පුවත්

රුසියානු තානාපති කාර්යාලයට ලැප් එකක් දී පලාගිය ජර්මන් කත අල්ලයි

Published

on

By

රුසියානු තානාපති කාර්යාලයට ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් භාර දී පලා ගිය ජර්මන් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ජර්මන් ජාතික කාන්තාව ඉකුත් අප්‍රේල් 28 වනදා රුසියානු තානාපති කාර්යාලයේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියෙකු හට එම ලැප්ටොප් පරිගණකය ලබා දී පලා ගොස් තිබූ බව පැවසේ. 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කුරුඳුවත්ත පොලීසිය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් එම සිද්ධියට අදාළ ජර්මන් ජාතික කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණ ඇති බවද පැවසේ.

ඒ අනුව අදාළ විමර්ශන අවසන් වනතෙක් ඇයගේ ගුවන් ගමන් තහනම් නියෝගයක් පසුගිය 04 වනදා අධිකරණය මගින් ලබාගෙන ඇත. 

තත්ත්වය එසේ තිබියදී එම ජර්මානු ජාතික කාන්තාව විදෙස්ගත වීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී පනවා තිබූ ගුවන් තහනමට අනුව ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය මගින් සැකකාර විදෙස් කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. 

ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඇය කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඒ අනුව සැකකාර ජර්මන් ජාතික කාන්තාව අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබේ.

Continue Reading

පුවත්

වෙසක් වලින් පස්සේ ලයිට් බිල 33%කින් වැඩිවෙයි

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි විදුලිය ගාස්තුව ඉහළ දැමීමට අදාළ වන යෝජනාව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබන සතිය තුළ යැවීමට සැලැසුම්කර ඇති බව වාර්තා වේ.

මෙම යෝජනාව අනුව දැනට අයකරන විදුලි ගාස්තුව සියයට 33 කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කෙරෙනු ඇතැයි වැඩිදුරටත් පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ණය මුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට නම් විදුලිය නිෂ්පාදනයේ පිරිවැය ආවරණය වන ගාස්තුවක් පාරිභෝගික ජනතාවගෙන් අය කළ යුතු බව මෙයට පෙර මූල්‍ය අරමුදල නිර්දේශ කළේය. 

එය ඉටුකිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 344 කින් යුත් ණය වාරිකය නිදහස් කිරීම ද පමා වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved