Connect with us

පුවත්

කළුතර හෝටලයේ හිමිකාරියට ඇප දෙයි

Published

on

කළුතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදාහැරීමට
කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය නියෝග කළාය.

එහිදී නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ මුදාහැරීමටය.

එම සිද්ධියට අදාළ සැකකාරිය ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අද යළි කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම දැරියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය මිතුරා එළඹෙන 26 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසටය.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන, දැරිය මියයන අවස්ථාවේ ඇය සමඟ ලැගුම්හල තුළ රැදී සිටි පුද්ගලයා මේ වන විට පසුවන්නේ රිමාන්ඩ් භාරයේය.

මෙම සැකකරුවන් සිව්දෙනා අද (15)  කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේය.

සැකකරුවන් අධිකරණයට රැගෙන එන මොහොතේ, මියගිය දැරියගේ මව ඇතුළු 100කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙලගැසී නිහඬ විරෝධතාවක නියැලී සිටියේය.

ගාලුපාරේ මීටර් 50ක පමණ දුරකට පෙලගැසී සිටී විරෝධතාකරුවන් මියගිය දැරියට “සාධාරණය  ඉටුකරනු”, “පොලීසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු”, “ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු” යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව නිහඬ විරෝධතාව විනාඩි 30ක් පමණ සිදුකර විසිර ගියහ.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved