Connect with us

පුවත්

කළු අතීතය නැවත නොඑන බවට නලින්දගෙන් මාධ්‍යට පොරොන්දුවක්!

Published

on

මෙරට මාධ්‍යවේදීන් විවිධ වකවානුවල, විවිධ පාලන තන්ත්‍රයන්ගේ පළිගැනිමට හා තර්ජනයට හා හිංසනයට ලක් වූ කළු අතීතය වැනි තත්ත්වයක් නැවත මේ රට තුළ නිර්මාණය වීමට කිසිසේත් ඉඩ නොතබන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පුරා පැවති ආණ්ඩු කිහිපයක් තුළ පීඩාවට පත් සියළු මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්ති හා සාධාරණය ඉටු කිරීමටත එකී අකටයුතුකම් සිදු කළ චූදිතයින් නීතිය ඉදිරියට ගෙන ඒමට පසුබට නොවන බවයි.

ආණ්ඩුවේ මාධ්‍ය සම්බන්ධ ප්‍රතිපත්තිය පිළිබඳ ඇතැමුන් ඉදිරිපත් කරන විවේචනාත්මක කරුණු බලය ගිළිහුණු අයගේ උමතු ප්‍රකාශ බව රජයේ ස්ථාවරයයි..

රාජපක්ෂ රජයේ දූෂණය හා භීෂණය පිළිබඳව රටට සත්‍ය තොරතුරු හෙළි කළ මාධ්‍යවේදීන්ට අත්වූ ඉරණම සිහිපත් කරන අමාත්‍යවරයා, ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී,, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු තවත් පිරිසක් අතුරුදන් කිරීම වැනි සිදුවිම් සිය නිවේදනයෙන් සිහිපත් කරයි.

එමෙන්ම ඔහු පවසන්නේ කීත් නොයාර්,, උපාලී තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය ඇතුළු තවත් මාධ්‍යවේදීන් ගණනාවකට පහර කෑමට සිදු වූ අතර ජිවිතාරක්ෂාව පතා ඇතැමුන්ට රටින් පළා යැමට සිදු වූ බවයි.

මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීම්, සීල් තැබීම්, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තබා ගැනීම්, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම් මෙන්ම බෝම්ම ගැසීම් රාජපක්ෂ අවිචාර පාලන සමයේ සුලබ සිදුවිම් බව පෙන්වා දෙන අමාත්‍යවරයා 2006 සිට 2015 ජනවාරි දක්වා මාධ්‍යවේදීන් 13 ක් ඝාතනය වූ බව පවසයි.

මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අතුරුදන්විමත් 87 දෙනෙකු පහරකෑමට ලක්වීමත් පුද්ගලික මාධ්‍ය ආයතන හතරකට අවස්ථා පහකදී පහර දීමත් ඒ පිළිබඳව සාක්ෂි විනාශ කිරීමත් සිය නිවේදනයෙන් පෙන්වා දෙන අමාත්‍යවරයා පීඩාවට පත් සියළු දෙනාට යුක්තිය හා සාධාරණය ඉටු කිරිමටත් එම අකටයුතුකම් කළ චූදතයින් නීතිය ඉදිරියට ගෙන ඒමට සියළු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවටත් අවධාරණය කරයි.

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved