Connect with us

පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාර නියාමනයට අධිකාරියක්

Published

on

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ජනතාවට ආරක්ෂාව සැපයීමේ අරමුණින් එම ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්ෂුද්‍ර  මූල්‍ය ණය සහ නියාමන අධිකාරිය පිහිටුවීම සඳහාවූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදිය.

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීම, බලපත්‍ර ලත් මුදල් ණයට දෙන්නන් නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම, බලපත්‍ර ලක්ෂ මූල්‍ය ආයතන නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම, ලියාපදිංචි කරන ලද සමුපකාර සමිති සමෘද්ධී ප්‍රජා මූල බැංකු සහ සමෘද්ධී ප්‍රජා මූල බැංකු සමිති සහ ගොවි සංවිධාන නියාමනය කරනු ලබන සහ අධීක්ෂණය කරනු ලබන මහ බැංකුව  සහ අදාල නියාමන අධිකාරි සමඟ සම්බන්ධීකරණය කිරීම සහ බලපත්‍ර ලත් මුදල් ණයට දෙන්නන්ගේ සහ බලපත්‍රලත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා මෙම පනත් කෙටුම්පතෙන්  විධිවිධාන සැලසේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.

පුවත්

වෙසක් වෙනුවෙන් බඩු මිල පහලට

Published

on

By

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

Continue Reading

පුවත්

“ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්නය ගැන බලන්න”

Published

on

By

ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳුවේ නැතොත් ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බව පවසා ඇතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත නොවීම, අනන්‍ය වැටුප් නොලැබීම මෙන්ම රාජකාරී සදහා අයුතු බලපෑම් එල්ලවීම ආදී ගැටලු ග්‍රාම නිලධාරීන්ට මතුව තිබෙන්නේ යැයිද පසුගිය දිනවල ඔවුන් රාජකාරී නිවාඩු සහ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ යැයිද දිසානායක මහතා කීය.

ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය පරිපාලන නියෝජිතයා වන ග්‍රාම නිලධාරී සේවය පැය අටකට සීමා වන්නේ නැතැයි ද ඔවුන්ගේ වෘත්තීය ගැටලු දිගු කාලයක් තිස්සේ විසඳී නැතැයි ද දිසානායක මහතා පැවසීය.

Continue Reading

පුවත්

ධීවරයින්ට හදිසි දැනුම්දීමක්

Published

on

By

අද (22)  දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව පැවසීය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ශාපතනයත් දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්තාවීමත් සමග එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

එසේම මේ වනවිට රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙත ද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇති බව එහි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved