Connect with us

පුවත්

ක්ෂේත්‍ර තුනකට ප්‍රතිපත්ති සම්පාදක කමිටු 03ක්

Published

on

වාහන ආනයනය ඇතුළු ක්ෂේත්‍ර 03ක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක තීරණය කර ඇත.

මෙයට ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාල නිලධාරීන්ගේ සහභාගීත්වය සිදුව ඇති අතර පරිසර ප්‍රතිපත්තිය හා මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තියක් ද ඒ අනුව හඳුන්වා දි ඇත.

වාහන ආනයනයේදී රටේ විදේශ විනිමය තත්ත්වය, මාර්ග තදබදය,පරිසරයට වන බලපෑම් මෙන්ම මෙරට වාහන එකලස් කරන ආයතන වල නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම ආදී කරුණු ගැන සලකා බැලීමට මෙහිදි නියමිතය.

තවද සිංගප්පූරුවේ වාහන සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය මෙන් වාහන සඳහා තත්ත්ව සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද අදාළ කමිටුව සලකා බලනු ඇත.

පරිසර ප්‍රතිපත්ති සැකසීමේ කමිටුව මඟින් වනාන්තර විනාශ කිරීම, ඛනිජ සම්පත් හැරීම ආදිය පිළිබඳව ආරක්ෂණ වැඩපිළිවෙලක් සැකසීමට නියමිත අතර ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණය හා ආරක්ෂක හමුදා සහායද ලබා ගැනීමට අවධානය යොමු වී ඇත.

මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්ති සැකසීමේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහය ඇතිව මත්ද්‍රව්‍ය රටට පැමිණීමේ මහා පරිමාණ ජාවාරම් මැඩලීම ද මෙම කමිටුව ක්‍රියා කරනු ඇත.

(මුලාශ්‍රය – ලංකාදීප)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved