මෙවර ජනාධිපතිවරණය සඳහා ද්‍රවිඩ ජාතික සහ මුස්ලිම් ජාතික අපේක්ෂකයෝ සිවු දෙනෙක් සහ ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළුව අපේක්ෂකයන් 39 දෙනෙක් ඉදිරිපත් වී තිබේ.
නමුත් ජනාධිපතිවරණය සඳහා මෙවරත් කිසිදු කාන්තා නියෝජනයක් නොමැත.
අවසන් වරට අපේ රට තුළ ජනාධිපතිනියක් ලෙස පත්වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.
ජනාධිපතිවරණයකට 2005 න් පසු කිසිදු අපේක්ෂිකාවක ඉදිරිපත් නොවීමද විශේෂත්වයකි.
රටේ ජනගහනයෙන් 52% ක් නියෝජනය කරන්නේද කාන්තාවන් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ද කාන්තාවන් සිටින්නේ 5.8%ක් පමණි.
කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයට ස්වාමීන් වහන්සේලා දෙනමක් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටිති.
අක්මීමන දයාරතන හිමි සහ බත්තරමුල්ලේ සීලරතන හිමියන් එම ස්වාමීන් වහන්සේලා දෙදෙනාය.
පී අරියනේත්‍රන්, මොහොමඩ් ඉල්ලයාස්, අබුබකර් ඉන්ෆාස්, මයිලවාගනම් තිලකරාජා යන ම අපේක්ෂකයන් සිවු දෙනා මැතිවරණයට ඉදිරිපත්වු ද්‍රවිඩ ජාතික සහ මුස්ලිම් ජාතික අපේක්ෂකයින් වේ.
ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනෙක් සහ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු පස් දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
ඒ අනුව දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු වන්නේ සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, රොෂාන් රණසිංහ, විජයදාස රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අයයි.
තවද සරත් කීර්තිරත්න,කේ.කේ පියදාස සිරිපාල අමරසිංහ, අනුර සිඩ්නි ජයරත්න සහ අනුරුද්ධ පොල්ගම්පල යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අය ලෙස පෙන්වා දිය හැකිය.