Connect with us

පුවත්

කැබිනට්ටුව හෙට ලයිට්බිල 2000% කින් ඉහල දාන්න සෙට් වෙයි!

Published

on

හෙට (02) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අදහස් දැක්වීය.

එහිදී අදහස් දක්වමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ඒකක 0 සිට 30 දක්වා පාරිභෝගිකයින් සඳහා විදුලි බිල සියයට 2000කින් ඉහළදැමීමට යෝජනා කර ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා,

“හෙට කැබිනට් මණ්ඩලයට යන විදුලිය පිළිබඳ සංශෝධනයේ ගණන් මිණුම් ටිකක් ඇනලයිස් කරා ඊයේ.. යෝජනා කරන්න යන්නේ ඒකක 0-30ත් 31-61ත් 61-90ත් ඒ වගේම 91-120ත් අතර පරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් තමයි මේකේ යෝජනාව තියෙන්නේ. මම හිතන්නේ  මේක එච්චර හොඳ කාරණාවක් නෙමෙයි. ඒකට හේතුව තමයි අපි දන්නවා. පාරිභෝගිකයින් ගෙවන ප්‍රතිශතය 0-30ත් අතර විදුලි ගාස්තුව සාමන්‍යයෙන් 2003කින් පමණ වැඩිකිරීමට තමයි මේකේ යෝජනා කරලා තියෙන්නේ. ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන ලක්ෂ 50ක් විතර ලංකාවේ ඉන්නවා. මේ අය තමයි අඩුආදයම් ලබන පාරිභෝගිකයින්. මෙයාලගේ විදුලි බිල මේ විදිහට වැඩි කරොත් එහෙම අපි දන්නවා මේ තියෙන අපහසුකම් මධ්‍යයේ මේ ජනතාවට මේ විදුලි බිල ගෙවාගැනීමේ හැකියාවක් නැහැ. 0-30 අතර  සියයට 2000 ගුණයකින් වැඩිකිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ  31-60ත් අතර ඒකක 120ට වඩා අඩුවෙන් පාවිච්චිකරන සියලුම පාරිභෝගිකයින්ගෙන් ඊළඟ අවුරුද්දේ බිලියන 80ක පමණ අමතර ආදායමක් ලබාගැනීමට තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක අසාධාරණ යෝජනාවක් නිසා මේ අවස්ථාව වන විට පසුගිය මාස 4 ඇතුළත්, මේ මාසයේ ඇතුළත් ලංකා විදුලිබල මණ්ඩය මෙහෙයුම් ලාභයක් ලබනවා.”

පුවත්

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වනදා කැඳවීමට නියමිත බව සඳහන් කළේය.

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවය.

ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අනීතික ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved