Connect with us

පුවත්

කැස්බෑව ඩිපෝවෙන් බස් 25ක් අරගෙන ජවිපේ ගාල්ලේ කැන්වසින් යනවා – මනූෂ

Published

on

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් වෙන් කරගෙන ගාල්ලේ ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු කිරීම සඳහා පිරිස් ගෙන්වාගෙන ඇති බවත්, ඔවුන්ට ගාල්ලේ ජනතාව නොමැති නිසා මේ ආකාරයට බස්වලින් පිරිස් ගෙන්වා ඇති බවත් අධිකරණ තීන්දුවකින් මන්ත්‍රීකම අහිමිවූ මනුෂ නානායක්කාර මහතා කියයි.

ඔහු  ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ සංගීත කණ්ඩායම්වලට හා මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් නැවත වරක් 88 – 89දී පැවැති තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බව කී හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

‘‘ඊයේ ගාල්ලේ අය කැන්වසින් කළා. දාහතරදාහක් වන ඡන්ද මධ්‍යස්ථානවල ජනාධිපතිතුමා වෙනුවෙන් කැන්වසින් කළා. අද උදේ මට ප්‍රවෘත්තියක් ලැබුණා. ඒකේ ඇත්ත නැත්ත මාධ්‍යයෙන් හොයලා බලන්න. කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් ගාල්ලට එන්න වෙන් කරගෙන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් කියලා තමයි මේ බස් වෙන් කරගෙන තියෙන්නේ. බැලුවම ගාල්ලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් නෑ. එක බස් එකකට හැට දාහක් වෙන් කරලා තියෙනවා. සංවිධානය කරන කෙනාට තව විසිදාහක් වෙන් කරලා. ගාල්ලේ රැස්වීමක් නෑ. හැබැයි මම කහදූවවත්ත හරියෙන් එනකොට පාරේ දෙපැත්තේ කැන්වසින් යනවා. දන්න හඳුනන මූණු එකක්වත් තිබුණේ නෑ. එක තැනක දෙකක විතරක් දන්න අය එක්කෙනෙක් හිටියා. රට වටෙන්ම ගාල්ලට ගෙනත් ජනතා විමුක්ති පෙරමුණේ කැන්වසින් කරන්න හදනවා. ගාල්ලේ කවුරුවත් ජනතා විමුක්ති පෙරමුණේ කැන්වසින් යන්න මෝඩ නෑ. ඒ නිසා බස් විසිපහකින් සෙනග ගෙනත් කැන්වසින් යනවා. මේක තමයි රටේ හදන්න හදන ව්‍යාජ රැල්ල.

කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් වෙන් කරලා තියෙනවාද? ඒ බස් ගියේ කොහෙටද? ඒ පිළිබඳව සොයා බලන්න කියලා මාධ්‍යයෙන් ඉල්ලනවා. සාගරිකා ගෝමස් ප්‍රවෘත්ති කිව්වා කියලා මැරුවා. ප්‍රේමකීර්ති ද අල්විස් මැරුවා. රිචඩ් ද සොයිසා ඝාතනය කළා. ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වෙන මේරියන්ස් සංගීත කණ්ඩායමේ රෝසලා සිංදුවක් වෙනස් කරලා කිව්වා. උපහාසයට සිංදුවක් කිව්වා. සංගීත කණ්ඩායමට තර්ජන ආවා. අපේ අතින් වරදක් වුණේ අපි හිතලා කළේ නෑ කියලා කියන්න සංගීත කණ්ඩායමට සිදුවුණා. දැන් ළඟදී දිවයින පත්තරේ එරික් ගාමිණී එන්.පී.පී. කතාව සහ ජේ.වී.පී. වැඩ කියලා පොතක් ලිව්වා. අද දිවයින පත්තෙරන් ඔහු එලවන තැනට වැඩ හදලා තියෙන්නේ. දුරකතන මාර්ග විසන්ධි කරලා කියලා සමාජ මාධ්‍යයේ දැක්කා. ඇත්ත කියන්න මාධ්‍යවේදියකුට අවස්ථාව දෙන්නේ නෑ.

උතුරට ගිහින් අනික් අතට තර්ජනය කරනවා. දකුණේ ජනතාව මෙහෙම එකඟතාවයක් ඇති කරගෙන තියෙනවා, උතුර ඒක නොකළොත් දකුණේ අය මොන වගේ තීන්දු ගනීවිද කියලා දන්නේ නෑ කියලා තර්ජනය කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ රැලියකට ගියපු හමුදා නිලධාරියෙක් තර්ජනය කරන වීඩියෝ අපි දැක්කා. මේ තර්ජන කරලා නැවත වතාවක් 88 -89 තත්ත්වයක් ඇති කරන්න හදන්නේ. නැවත වතාවක් මේ රටේ භීෂණයක් ඇති කරන්න හදන්නේ. මේ පිළිබඳව රටේ ජනතාව කල්පනා කරන්න ඕනෑ. මැතිවරණ කොමිසම මේ පිළිබඳව අවධානය ලක් කරන්න ඕනෑ.’’

මූලාශ්‍රය – අරුණ

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved