Connect with us

පුවත්

කැස්බෑ මළ සිරුරක් ගල්කිස්ස මුහුදට; වෙඩි කන්දටත් 3ක්?

Published

on

ගල්කිස්ස වෙළ තීරයට අද (06) දින උදෑසන ගැඹුරු මුහුදේදී මියගිය බවට සැකකරන විශාල ප්‍රමාණයක කැස්බෑවකුගේ සිරුරක් ගොඩ ගසා ඇතැයි පොලිස් පරිසර ඒකකය කියා සිටියි.

මේ බව ධීවරයින් විසින් දැනුවත් කිරීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිලධාරීන්, ගල්කිස්ස පොලිස් ජීවිතාරක්‍ෂක අංශයේ නිලධාරීන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිලධාරීන් හා දෙහිවල පොලිසියේ නිලධාරීන් විසින් කැස්බෑ සිරුරේ පරීක්ෂණ කටයුතු සිදු කර අත්තිඩිය වනජීවි රැදවුම් මධ්‍යස්ථානයෙන් නිලධාරීන් දැනුවත් කර ඔවුන්ට බාරදී තිබේ.

මේ සමගම මුහුදුබත්වූ පර්ල් එක්ස්ප්‍රස් නැවෙන් ගිලී ඇති සුදුපාට ප්ලාස්ටික් බෝල විශේෂයද වෙරළ තැන තැන ගොඩ ගසා ඇති බවත් ඒ නිසා මෙලෙස නිතර කැස්බෑවුන් මිය යන්නට ඇතැයිද ධීවර ජනතාව කියා සිටියි.

මීට අමතරව ගල්කිස්ස  වෙඩිකන්ද වෙරළ තීරයටද මියගිය කැස්බෑවන්ගේ සිරුරු තුනක් ගොඩ ගසා ඇති බවත් පොලීසිය කියා සිටියේය.

පුවත්

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

Published

on

By

පාර්ලිමේන්තු මාර්ගයේ සිට ගමනකින් පැමිණි පිරිසක් නෙළුම් මාවතට ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමගයි මෙම  උණුසුම් තත්ත්වය ඇතිව තිබේ.

“රට වනසන පනත් පරාජය කරමු” මැයෙන් සංවිධාන කිහිපයක් එක්ව පාර්ලිමේන්තුව අසළ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම්මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පාගමනක් පැවැත්විණි.

නෙළුම්මාවතට ඇතුළුවන මාර්ගය අසළදී පොලිසිය ඔවුන්ට බාධා කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගැනීම සිදුවිය.

පොදුජන පෙරමුණු කාර්යාලයේ කිහිප දෙනෙකු සහ ඩෑන් ප්‍රියසාද් ද එම ස්ථානයට පැමිණීමත් සමග විරෝධතාකරුවන් ඔවුන්ට ද විරෝධය පළකර තිබේ.

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (2024-05-27) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත.

එම තීරණ මෙසේය.

Continue Reading

පුවත්

ආර්ථික පරිවර්තන පනතේ සහයට තවත් පනත් දෙකක්

Published

on

By

2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ  2018 අංක 3 දරණ ආරක්ෂණ පියවර පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සකස් කිරීමේදී අදාල පනත් දෙක සඳහා අනුෂාංගික සංශෝධන හඳුන්වාදීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ සඳහා වන පනත් කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර එකී පනත් කෙටුම්පත් සඳහා නීතිපති අවසරය ලබාදී තිබේ.

ඒ අනුව අදාල සංශෝධිත පනත් කෙටුම්පත් දෙක රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

සබැඳි පුවත් :

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved