Connect with us

පුවත්

කියුබානු තානාපති අනුරගේ කාර්යාලයටම ගිහින් මුණගැසෙයි

Published

on

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (08) පැවැත්විණි.  

මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳවත් වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එම පක්‍ෂය පවසයි.  

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් කියුබානු රජයේ සහයෝගීත්වයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් ගිවිසුම්ගතවීම පිළිබඳ සාකච්ඡා පවත්වන බවත්  එවැනි ව්‍යාපෘති තවත් මහද්වීප තුනක රටවල් සමඟ මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් ඇති බවත් තානාපතිවරයා සඳහන් කළ බවත් එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කළේය.

කියුබන් තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික විධායක සභික බිමල් රත්නායක  මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

පුවත්

“ශ්‍රී ලංකා චීන මිතුදම” කෘතිය එළිදකී.

Published

on

By

“ශ්‍රී ලංකා චීන මිතුදම”  ග්‍රන්ථය එළිදැක්වීම පසුගිය දා ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි.

සිංහල භාෂාවෙන් ලියැවී ඇති  “ශ්‍රී ලංකා චීන මිතුදම” ග්‍රන්ථය ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමයේ   (SLCFA )  එළි දැක්වීමකි.

මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ගරු කරු ජයසූරිය මහතා මෙම උත්සවයේ ප්‍රධාන කථිකයා වශයෙන්ද සහ ගෞරවනීය ආරාධිත අමුත්තා වූ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති අතිගරු චී ෂෙන්හොංග් (Qi Zhenhong) මහතා ද සහභාගි විය.

උත්සවයේ මුලසුන හෙබවූයේ ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ සභාපති නීතිඥ ආනන්ද ගුණතිලක මහතා විසිනි.

ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් 1950 සැප්තැම්බර් 21 වන දින “ලංකා-චීන මිත්‍රත්ව සංගමය” ලෙස මුලින් ආරම්භ කරන ලද මෙම සංගමය, අනොන්‍ය ජාතීන් හා ජනතාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පෝෂණය කිරීමේ පුරෝගාමී සංගමයකි. සංගමයේ ප්‍රථම සභාපතිනිය වූයේ වත්මන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මව වන කුසුමා ගුණවර්ධන මැතිනියයි.

සිය පිළිගැනීමේ කතාව පවත්වමින්  ගුණතිලක මහතා විසින්  ඓතිහාසික සබඳතා, බෞද්ධ සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, සාහිත්‍ය, ආර්ථික හා සංස්කෘතික සහයෝගීතාව, චීන ආහාරපාන, එල්ටීටීඊය පරාජය කළ යුද්ධයේදී චීනයේ භූමිකාව සහ සහයෝගය, මාධ්‍ය, මුද්දර, ඡායාරූපකරණය සහ තවත් දේ ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ඇතුළත් ග්‍රන්ථයේ පොහොසත් අන්තර්ගතය හඳුන්වා දුන් අතර ග්‍රන්ථය සදහා ඉතා වටිනා ලිපි ඉදිරිපත් කළ කතුවරුන්ට කෘතඥතාව පළ කලෙය. එමෙන්ම  ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අඛණ්ඩ සහයෝගය අගය කළේය.

ගරු. කරු ජයසූරිය මහතා සිය ප්‍රධාන දේශනයේදී 1952 දී දෙරටේ නායකයන් විසින් අත්සන් කළ රබර් සහ සහල් ගිවිසුමේ වැදගත්කම අවධාරණය කරමින් එම ගිවිසුම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ගැඹුරු මිත්‍රත්වය තහවුරු කිරීමේ කාර්යභාරයට දායක වූ ආකාරය අවධාරණය කළේය. දෙරට අතර මිනිසුන් අතර සබඳතාවයන් පෝෂණය කිරීම සඳහා දශක හතක් පුරාවට ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමයේ කැපවීම පිළිබඳව හෙතෙම ප්‍රශංසා කළේය.

ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමය සභාපති ගුණතිලක මහතා විසින් “ශ්‍රී ලංකා චීන මිතුදම” ග්‍රන්ථයේ මුල් පිටපත් ගරු කරු ජයසූරිය සහ අතිගරු චී ෂෙන්හොංග් යන මහත්වරුන්ට නිල වශයෙන් පිළිගැන්වීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය ජී. වීරසිංහ, ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමයේ විධායක උප සභාපති අරුණ ගුණතිලක මහතා; අනෙකුත් උප සභාපතිවරුන් වන තිලක් බොතේජු, දයා ලංකාපුර සහ ප්‍රේමදර දිසානායක යන මහත්වරුන්ද, ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමයේ නිලධාරී මණ්ඩලය සහ විවිධ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ශ්‍රී  ලංකාව සහ චීනය අතර පවතින කළ්‍යාණ මිත්‍රත්වයේ අමතක නොවන සැමරුම ලෙස මෙම අවස්ථාව සනිටුහන් කරමින් සහභාගි වූ සියලුම දෙනාට “ශ්‍රී ලංකා චීන මිතුදම” කෘතියේ පිටපතක් තිළිණ කරන ලදී.

Continue Reading

පුවත්

වැස්සත් සමග පාචනය වැඩිවෙයි

Published

on

By

වැස්සත් සමග පාචනය රෝගය වැඩි වීමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී.

වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවදානමක් පවතින හෙයින් වෙසක් බීම දන්සැල් පැවැත්වීමේදී පිරිසිදු ජලය භාවිතා කරන ලෙස ඔහු ඉල්ලීමක් සිදුකරයි.

පසුගිය වර්ෂ හා සැසඳීමේදී මෙවර දන්සැල් ලියාපදිංචි කිරීමේ අඩුවක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කොළඹ මහ නගර සභා සීමාවේ දන්සල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 47ක් යොදවන බව කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීකෂක සමන්ත කුමාර මහතා පවසයි.

බව ඔහු සඳහන් කලේ මේ වන විට දන්සැල් 200කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවය.

ඒ අනුව වෙසක් පෝය දිනට පෙර දින දක්වාම සෑම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයකම දන්සැල් ලියාපදිංචි කිරීම සිදුකරයි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අධිකරණ නියෝගයක්

Published

on

By

බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද පෙරවරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.

ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අද දිනට නියමිත නඩු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ බන්ධනාගාර ගත රැඳවියන් අධිකරණයට රැගෙනවිත් නොතිබීම පිළිබඳ අවධානය යොමු කරමිනි.

එහිදි අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තාකර ඇති නිලධාරින් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබුණි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක බන්ධනාගාර නිලධාරින් ලෙඩ නිවාඩු වාර්තා කර අද සේවයට වාර්තාකර නොමැති බව වාර්තා විය.

ඒ වැටුප් ඉහළ නොදැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

බන්ධනාගාර නිලධාරින්ගේ සියලු නිවාඩු අවලංගුකර ඇති බැවින් සියලුදෙනා වහාම සේවයට වාර්තා කළ යුතු බවට බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා විසින් අද නිවේදනය කරන ලදී.

වැටුප් ඉහළ නොදැමීම, නිලධාරී හිඟය විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බන්ධනාගාර නියාමක සහ සැරයන්වරුන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස මෙලෙස ලෙඩ නිවාඩු දමා ඇති බව වාර්තාවිය.

ඒ අනුව වැලිකඩ, ගාල්ල සහ මාතර යන බන්ධනාගාරවල බන්ධනාගාර නිලධාරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රවිශ්ඨ වී තිබේ.

බන්ධනාගාර තුළ ක්‍රියාත්මක මෙම  වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රැදවියන් බැලීමට අවස්ථාව ලබාදීම මෙන්ම රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණයට රැගෙන යාමටද බාධා එල්ල වී ඇත.

සබැඳි පුවත්

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved