Connect with us

පුවත්

කිවුල් දිය ඉස්සන් වගාවට ආයෝජකයින් දෙදෙනෙකුට හම්බන්තොටින් රජයේ ඉඩම්

Published

on

ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන ප්‍රධාන වාණිජ ජලජීවී වගාවක් වන කිවුල්දිය ඉස්සන් වගාව මඟින් 2021 වර්ෂයේදී මෙට්‍රික්ටොන් 14,414ක නිෂ්පාදනයක් ලබාගෙන ඇති අතර, එය 2025 වර්ෂය වන විට මෙට්‍රික්ටොන් 50,000ක් දක්වා වැඩි කිරීමට ද, එමඟින් රුපියල් මිලියන 65,500ක විදේශ විනිමයක් උපයා ගැනීමට ද ඉලක්ක කර ඇත. 

එසේ වුවද, ජලජීවී වගාව සඳහා යොදා ගත හැකි මෙරට පවතින ඉඩම් ප්‍රමාණය සීමාසහිත වීම වාණිජ ජලජීවී වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට අභියෝගයක්ව පවතී.මෙම අභියෝගයට මුහුණ දීම සඳහා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් සීමිත ඉඩක් තුළ ඉහළ ඵලදායිතාවක් ලබා ගැනීමට හැකි නවීන තාක්ෂණය හඳුන්වා දීම ආදී පියවර රැසක් ගෙන ඇත. 

ඒ අනුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයට අයත් අක්කර 218ක් සහ පර්චස් 30ක ඉඩමක් අඩු කාලසීමාවකින් වගා චක්‍රයක් අවසන් කළ හැකි වැනමි ඉස්සන් වගාව සඳහා සුදුසු බවට හඳුනාගෙන ඇත. 

මෙම ඉඩම, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් තෝරා ගනු ලැබ ඇති ඩබ්ලිව්.එස්.ආර්. ලෝව් ඇන්ඩ් කේ.එම්.එන්. ඇක්වා සර්විසස් (පුද්ගලික) සමාගමට සහ රේන්බෝ ෆුඩ්ස් (පුද්ගලික) සමාගමට අක්කර 109ක් සහ පර්චස් 15 බැගින් රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව, වසර 30ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස ධීවර අමාත්‍යවරයා සහ සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පුවත්

බණ්ඩාරවෙල  සතොස ගිනිගනී

Published

on

By

බණ්ඩාරවෙල නගරයේ පිහිටි සතොස ආයතනයේ අද (20)  අලුයම ගින්නක් ඇතිවී තිබේ.

ගින්නෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙම සතොස ආයතනය වසා තිබියදී මෙසේ එහි ගබඩාවේ අලුයම ගින්න හටගෙන ඇති බවත් ,එම අවස්ථාවේ එම වෙළෙඳ සංකීර්ණය අසල රාත්‍රි  මුර  රාජකාරියේ නිරතව සිටි  සේවකයන් විසින් මෙම ගින්න දැක බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය ට දැනුම් දී තිබේ.

අනතුරුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය සහ බණ්ඩාරවෙල පොලිසිය එක්වී එම ගින්න අවට ප්‍රදේශයට පැතිර යාමට ඉඩ නොදී ගිනිනිවිම් රථ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වූ බවද
පොලිසිය සදහන් කළේය.

ගින්නෙන් සතොස ආයතනයේ ගබඩාව තුළ තිබූ හාල් , සීනි ඇතුලු  ආහාර ද්‍රව්‍ය  සමග   දේපළ රැසක් විනාශ වී ඇති බවත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.

Continue Reading

පුවත්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට අලුත් ප්‍රධානියෙක්

Published

on

By

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) සිට පත් කර තිබේ.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට

Published

on

By

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදේශිකයෙකුට අද (20) දින හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික පුද්ගලයෙකි.

මෙම විදෙස් සංචාරකයා ශ්‍රීපාදය වන්දනා කිරීමට යනවිට නල්ලතන්නිය මාර්ගයේ, ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේම රෝගාතුර වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරීරය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved