Connect with us

පුවත්

කුණුහරුපයක් අංක තහඩුවේ ගහන්ගිය යතුරුපැදියක් අත්අඩංගුවට

Published

on

අංක තහඩුව වෙනුවට “පරුෂ වචනයක්” ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා  ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අද (19) අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව හා බෙල්ලන්විල ප්‍රදේශවල පදිංචි (18) හැවිරිදි දෙදෙනෙකු බව පොලිසිය කියයි .

බොරලැස්කමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු  බොරලැස්ගමුව නගර මධ්‍යයේ අද උදෑසන රථවාහන රාජකාරියේ නිරතව සිටියදී සැක කටයුතු ලෙස මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක්  පිළිබදව විමසිලිමත්වීමේදී එම යතුරුපැදිය පොලිස් නිලධාරීන් පසු කරනවාත් සමගම එහි පසු පැදිකරු පිටුපස අංක තහඩුව දෑත් වලින් වසා ගනු දැක තිබේ .

ඒ පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන්  යතුරුපැදිය නවතාලන ලෙසට සංඥා කළත් එය නොනවත්වා ධාවනය කිරීම නිසා පසුපස හඹා ගොස් පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව නිවැරදිව ප්‍රදර්ශනය කර තිබූ අතර පිටුපස අංක තහඩුව වෙනුවට ඉංග්‍රීසි අකුරෙන් පරුෂ වචනයක්  ලියා සවිකර තිබෙනු දැක තිබේ.

ඒ අනුව යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා සමග යතුරුපැදිය අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී එහි අංක තහඩුව ගලවා ඒ වෙනුවට පරුෂ වචනයක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා මෙසේ ප්‍රදර්ශනය කරමින් ධාවනය කර ඇත්තේ විනෝදයට බව පොලිසියට පවසා තිබේ.

මෙම තරුණයින් දෙදෙනා අවස්ථා කිහිපයකදී බොරලැස්ගමුව නගරය හරහා මෙසේ යතුරුපැදිය ධාවනය කර ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා නුගේගොඩ අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමට නියමිත අතර  සැකකරුවන් දෙදෙනා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.කො (70870) ජගත් (98537) දළුවත්ත ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

(ලංකාදීප)

පුවත්

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වනදා කැඳවීමට නියමිත බව සඳහන් කළේය.

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවය.

ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අනීතික ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved