Connect with us

පුවත්

කුණු ගෙනියන්න ජපන් යෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක්

Published

on

කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන Garbage Compactors මිල දී ගැනීමට ජපන් යෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව පිරිසිදු, තිරසර සහ පාරිසරික වගකීම් සහිත මොඩලයක් බවට පරිවර්තනය කිරීම ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ අපේක්ෂා කරනු ලබයි.

ඒ සඳහා අවශ්‍ය දියුණු කසළ කළමනාකරණ යටිතල පහසුකම් නොමැති වීම ඉහත දැක්ම ළඟාකර ගැනීම සඳහා ප්‍රධාන බාධාවක් ලෙස හඳුනා ගනු ලැබ ඇත.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් යෙන් මිලියන 300 ක ප්‍රදාන ආධාර ලබා දීම සඳහා එකඟතාව පළ කර ඇති අතර, එම අරමුදල් බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණ ධාරිතාව වැඩි කිරීම සඳහා Garbage Compactors 28ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස යොදා ගැනීමට අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර එකී ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත සඳහා 14ක්, නැගෙනහිර පළාත සඳහා 8 ක් සහ උතුරු පළාත සඳහා 6ක් වශයෙන් Garbage Compactors බෙදාහැරීමට යෝජිතය.

ඒ අනුව, ජපාන ආර්ථීක සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ එකී ප්‍රදානය ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පුවත්

අදින් ඇරඹෙන “ප්‍රජා ශක්ති”

Published

on

By

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ,  ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ  සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා එම වැඩපිලිවෙල තුළින් අපේක්ෂා කරන බවයි.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මගින් සිදු කෙරෙන බවයි.

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved