Connect with us

පුවත්

කුරුදුමලේ ඉඩම් ගැන ජනපතිට ලිපියක්

Published

on

මුලතිව් ඓතිහාසික කුරුන්දි නොහොත් කුරුඳුමලෙයි විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට ජනාධිපතිතුමන් විසින් දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ජනාධිපතිතුමන් හට විශේෂ ලිපියක් යොමු කොට ඇත.

එම ලිපිය මගින් එල්ලාවල මේධානන්ද හිමියන් පෙන්වා දී ඇත්තේ කුරුන්දි විහාර භූමිය අවට ඉඩම් ජාතිවාදී අරගලවලට සහය දක්වන පුද්ගලයන් අතට පත්වුවහොත් ඉදිරි අනාගතයේ දී ප්‍රදේශයේ දැඩි අවදානම් තත්වයකට මුහුණපෑමට සිදුවනු ඇති බවටය.

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් මහජනතාවට පවරදීම සඳහා නියමයක් කර ඇති බවට මාධ්‍ය මගින් දැනගත් බවත් කුරුන්දි විහාරය අවට භූමියේ බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටබුන් විසිරී ඇති නිසා මෙම ඉඩම් ආවාට ගියාට බෙදාදීම සුදුසු නැති බවත් ලිපියෙහි සඳහන් ය. එමෙන්ම බෞද්ධ ආරාමයක් අසල ජාතිවාදී අරගලවලට සහය දෙන උදවියට ඉඩම් ලබාදීම ද සුදුසු නැති බව ද මෙයින් බලාපොරොත්තූ වී ඇත්තේ බෞද්ධ නටබුන් අසල ජාතිවාදීන්ට ජනපද ඇතිකර දීමක් බවත් සඳහන්ය. දැනට ද රජයෙන් ඉඩම් දුන්නත් නොදුන්නත් බලයෙන් ඉඩම් අල්ලාගෙන ඇති බව පෙනෙන නිසා මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් අනාගතයේ දී එයින් මහා විනාශයක් සිදුවිය හැකි බවට අවදානමක් ඇති බව ද මේධානන්ද හිමියෝ සිය ලිපියෙන් අවධාරණය කරති.්

(ලංකාදීප)

පුවත්

පාස්පෝර්ට් පෝලිමේ තැනක් පන්දාහයි

Published

on

By

ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඇති වී ඇති පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා සංවිධානාත්මක පිරිසක් රුපියල් 5000ක් අය කරන බව වාර්තා වේ. 

දෛනිකව 2000 කට ආසන්න සංඛ්‍යාවක් එම ස්ථානයේ පෝලිම් ගැසෙන අතර බොහෝ විට ඉදිරි දිනයක් ලබා ගැනීම සඳහා ටෝකන් පතක් ලැබෙන්නේ 1000 කට ආසන්න පිරිසකටය. 

එම පිරිස තුළට ඇතුළු කිරීම සඳහා ජාවාරම්කරුවන් විසින් රුපියල් 5000 ක මුදලක් ලබාගන්නා බවට වාර්තා වේ. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පාන්දර සිට පෝලිමේ සිටුවා ස්ථානයක් අල්ලාගන්නා මෙම ජාවාරම්කරුවන් දහවල් කාලයේදී එම ස්ථානය 5000 කට විකුණන බවද පැවසේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

ලොහාන්ට විශේෂ ආරක්ෂාවක්

Published

on

By

කොටස් ගෙන්වා එකලස් කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී බව දැන දැන නිවස තුල සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳගෙන්ද විමසීමක් සිදු කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

අදාළ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් රත්වත්තේ මහතාගේ බිරිඳටද මිරිහාන පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට මේ වනවිට දැනුම්දී ඇත.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහාතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබේ.

බන්ධානාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා පවසා සිටියේ, ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයන්ට අනුව මෙම විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවය.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට ලොහාන් රත්වත්තේ මහතා මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේදී පසුගිය 31 වනදා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඔහු ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.

Continue Reading

පුවත්

ආරුගම්බේ සිද්ධියට සැකපිට තවත් පිරිසක් අත්අඩංගුවට

Published

on

By

ආරුගම් බේ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු 06 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි

අදාළ සැකකරුවන් මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවා ගෙන ප්‍රශ්න කෙරෙයි.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ට දැනුම් දෙමින් ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කලේය.

ඒ,  ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර යම්කිසි ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවට විශ්වසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබී ඇති බව පවසමිනි

මහජන ආරක්ෂක අමාත්‍ය විජිත් හේරත් ඔක්තොම්බර් 24   වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ආරුගම්බේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved