Connect with us

පුවත්

කෘත්‍රිම බුද්ධියෙන් අපේ වසර 2500ක සංස්කෘතියට හානි වෙලා

Published

on

වසර 2500ක මෙරට සංස්කෘතික අනන්‍යතාවට කෘත්‍රිම බුද්ධිය හරහා බලපෑම් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පවසයි.

“කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින්  මදුර විතානගේ මහතා මේ බව සඳහන් කලේය.

ඔහු මෙහිදී අවධාරණය කළේ ගෝලීය තාක්ෂණයේ අවිචාරවත් බලපෑම හේතුවෙන් රටේ සමාජය, ආගම එහි ගොදුරක් වී ඇති බවය.

බුදුරජානන් වහන්සේ දේශනා කළ ධර්මය, ගාථා ‍කෘත්‍රිම බුද්ධිය හරහා විනාශ කිරීම ආරම්භ කර ඇති බවද මධුර විතානගේ මහතා මෙහිදී පවසා සිටියේය.

කෘත්‍රිම බුද්ධිය හරහා අගතියට පත්වන පාර්ශවවල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වෙනත් රටවල නීති සම්පාදනය කර ඇති බවත්, මෙරට තුළද නිති සම්පාදනය කර කෘත්‍රිමම බුද්ධිය හරහා සිදුවන අකටයුතු කම් පාලනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading

පුවත්

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට

Published

on

By

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) දින මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.

අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වී තිබුණි.

ඒ අනුව, මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved