Connect with us

පුවත්

කෙරවලපිටිය කසළ අංගනය දැවිතෙල් නිෂ්පාදනයට සැරසෙයි

Published

on

වත්තල,කෙරවලපිටිය කසළ අංගනය අපද්‍රව්‍ය කළමණාකරණ උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරිමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදී ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කසළ කළමණාකරණයෙන් පරිසරය පිරිසිදුව පවත්වාගැනීම සඳහා මෙම උද්‍යානය නිර්මාණය කර ඇත.

ඒ අනුව මෙහි කසළ යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම,දැවිතෙල් නිෂ්පාදනය, ප්‍රාථමික ජෛව අඟුරු නිෂ්පාදනය ඇතුළු තවත් නවමු නිෂ්පාදන සිදුකිරිමට කිරීමට නියමිතය.

තවද කෙරවළපිටිය කසළ අංගනයේ දිරාපත්වන කසළ යොදාගනිමින් දිනකට කසළ මෙට්ට්‍රික් ටොන් 20ක් පමණ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර සිල්ලර වෙළඳපොළට නිකුත් කරන අතර මේ වනවිටත් මෙම කසළ අංගනයේ කොම්පෝස්ට් පොහොර ටොන් 1500ක් පමණ නිපදවා අවසන් බවද  පවසයි.

එසේම කෙරවළපිටිය කසළ අංගනයේ නිපදවන කොම්පෝස්ට් පොහොර රසදිය හා ඊයම් අඩංගු නොවන බවත්,කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතාම යෝග්‍ය බවත් රසායනාගාර පරීක්ෂණ මගින් හෙළිවී ඇති අතර මෙහිදි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය නවීන යන්ත්‍ර සුත්‍ර සියල්ල කසල අංගනය තුළම ස්ථාපිත කර ඇත.

තවද, නිෂ්පාදනය කරන ජෛව කොම්පෝස්ට් හලා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රද කෙරවළපිටිය කසළ අංගනය සතුව පවතී.

ඊට අමතරව මෙහි දැනටමත් දැවිතෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පොලීතීන් හා ප්ලාස්ටික් ටොන් ලක්ෂ එකහමාරක් පමණ මෙහි සතු වේ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසන පරිදී  මේ සියල්ල යොදාගනිමින් අනාගතයේදී දැවි තෙල් නිෂ්පාදනය හැකි අතර ඒ සඳහා පුද්ගලික සමාගමක් සමඟ එක්ව කටයුතු සිදුකරන බව පවසයි.

දිරන හා නොදිරන කසළ යනුවෙන් වර්ග කරමින් රජයේ හා පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන් රැසක් කෙරවලපිටිය කසල අංගනයට සැපයීමේ කටයුතුවල නිරතව සිටියි.

ඒ අනුව කෙරවලපිටිය කසල අංගනයට දිනකට දිරාපත්වන කසල මෙට්‍රික් ටොන් 550ක් ලබාගන්නා අතර දිරාපත් නොවන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 250ක් ලබා ගනී.

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් පසු 2017 වසරේ අප්‍රේල් මාසයේ අරඹන ලද කෙරවලපිටිය කසල අංගන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ආරම්භ කර ඇත.

අක්කර 20ක පමණ භූමි භාගයක මෙම කසළ අංගනය ඉදිකර ඇති අතර කසළ අංගනය මෙතෙක් පවත්වාගෙන පැමිණි, දිනකට නිෂ්පාදනය කරන ජෛව පොහොර ධාරිතාවය ඉහළ නංවා ගැනීමේ ඉදිරි සැලසුම මේ වන විටත් සකස්කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

මුලාශ්‍රය -දිනමිණ

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved