Connect with us

පුවත්

කෙහෙල්බද්දර පද්මේට සමීප පුද්ගලයන් ගැන බුද්ධි අංශ අනාවරණයක්

Published

on

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී මාකිලංගමුවේ සංජීව නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය වීමත් සමඟ කැලඹිට ලක්ව සිටින සංජීවට හිතවත් පාතාලයේ ප්‍රබලයින් සිය බලය රැක ගැනීමට කෙහෙල්බද්දර පද්මේ සමීප පුද්ගලයන්ට සහ ගෝලබාලයින්ට ප්‍රහාර එල්ලකිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

අධිකරණය තුළ සංජීවට එල්ලකළ මෙම ප්‍රහාරයත් සමඟ පකිස්තානයේ මත්කුඩු ජාවාරම්කරුවන් අතර කෙහෙල්බද්දර පද්මේ ට පිළිගැනීමක් ඇතිවී තිබෙන බවත් ඒතුළින් මෙරට මත්කුඩු ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ලවී තිබෙන බව ත් බුද්ධි අංශ සඳහන් කරයි.

මෙරට පාතාල අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් මත එම පාතාලයේ ප්‍රබලයන්ට විකුණා මුදල් ගෙවීමේ පදනම මත පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් අයිස් සහ හෙරොයින් ලබාදෙන බව ද බුද්ධි අංශ සඳහන් කරයි. කිලෝ 100ක් වැනි මත්කුඩු තොගයක් මිලදී ගැනීමකදී පිස්තෝල සහ ටී 56 අවි ද පකිස්තානු ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන බවත් බුද්ධි අංශ අනාවරණයකරගෙන ඇත.

අධිකරණය තුළදී සංජීවට කළ වෙඩි තැබීමත් සමඟ මෙතෙක් පකිස්තානු ජාවාරම්කරුවන් අතර ඉහළ පිළිගැනීමකට ලක්වූ සෙසු මත්කුඩු ජාවාරම්කරුවන්ට වඩා කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කල්ලියට පිළිගැනීමක් ඇතිවී තිබෙන බැවින් සෙසු ජාවාරම්කරුවන් කෙහෙල්බද්දර පද්මේගේ කල්ලි සාමාජිකයන්ට පහරදී ඔවුන්ගේ තැන රැක ගැනීමට සැළසුම්කරන බව බුද්ධි අංශ අනාවරණයකරගෙන තිබේ.

දිනමිණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved