Connect with us

පුවත්

කෙහෙළිය ට ඇප දුන්න හේතුව

Published

on

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් මාස 6කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි 08වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, 07වන සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර, 12වන සැකකාර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය විජිත් ගුණසේකර යන අය ඇප මත මුදාහැරීමට මළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (11) නියෝග කලේය.

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ යළි කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව සැකකරුවන් දැඩි මානසික ආතතියකට ලක්වී ඇති බවත් දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණ පා ඇති බවත් නිගමනය කළ මහෙස්ත්‍රාත්වරිය වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක මුදල් ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරියේය..

නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සැකකරුවන් සම්බන්ධව රජයේ වෛද්‍ය මණ්ඩලය විසින් ලබාදුන් නිර්දේශ ඇතුළත් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කලේය.

ඇප නියමවූ සැකකරුවන් සියදිවි නසා ගැනීමේ අවදානමක් ඇති බවත්, දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බවත් ඔවුන්ගේ හෘද රෝගී තත්ත්වයන් උත්සන්නව ඇති බවට වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව එම වෛද්‍ය මණ්ඩල වාර්තා අනුව සනාථ වී තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයා සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයක් හා පසුකම්පන තත්ත්වයක් ඇති බවත් එවැනි සියදිවි නසා ගැනීමකට තැත් කරන රෝගියෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බවත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කලේය.

තවද පුර්ණ අබාධිත තත්ත්වයට පත්විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරීමට නොහැකි බවත් නීතිඥවරයා පෙන්වාදී තිබුණි.

ඊට විරෝධය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ 2019 වසරේදී ලබා ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් එවා වසර පහක් පැරණි එවා බවය.

එමෙන්ම 8වන සැකකරු එසේ ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි වසර 10කදී ඇති විය හැකි රෝග වාර්තාවක් බවත් වර්තමාන තත්ත්වය තුළදී එම රෝගවලින් නොපෙළෙන බවත් ඇය පැවසීය.

තවද වර්තමාන රෝගී තත්ත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වා දීමට සැකකරු අසමත් වී ඇති බවද ඇය මෙහිදී සඳහන් කර තිබුණි.

මෙවන් තත්ත්වයක් මත සැකකරුට ඇප ලබාදීමට හැකියාවක් නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන් බව සඳහන්ය.

එබැවින් අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරීමට නොහැකි නම් අධිකරණ නිරීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ අංගොඩ ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයට යවා එම මානසික ප්‍රතිකාර සහ හෘද රෝගී ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී මහෙස්ත්‍රාත්වරිය පවසා සිටියේ, අවුරුදු 71 වයසේ පසුවන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සැලකිය යුතු රෝගවලින් පීඩාවිඳින බව අධිකරණයට නිරීක්ෂණය වන බවත් දැනට මාස 07කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටීම බැහැර කළ නොහැකි කරුණක් බවත්ය.

එමෙන්ම 08වන සැකකරුගේ රෝගී තත්ත්වය ක්‍රමානුකූලව උත්සන්න වන බව වෛද්‍ය වාර්තා අනුව නිරීක්ෂණය වන බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කලේය.

ඒ අනුව ඉදිරිපත්ව ඇති වෛද්‍ය නිර්දේශ සුවිශේෂි කරුණු ලෙස සලකා සැකකරුවන් ඇප මත නිදහස් කරන බව මහෙස්ත්‍රාත්වරිය පැවසීය.

පසුගිය නඩු වාරයේදී අංගොඩ මානසික රෝග විද්‍යාතනය වෙත යොමු කළ පළමු සැකකාර සුදත් ජානක නමැත්තා ඊයේ දින අධිකරණයට ඉදිරිපත් නොකළ අතර සෙසු සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කලේය.

එහිදී පළමු වන සැකකාර ඖෂධ සමාගම් සැපයුම් හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු සම්බන්ධයෙන් දින 14න් 14ට රෝග වාර්තා ඉදිරිපත් කරන ලෙස අංගොඩ මානසික රෝහලට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරු නඩුව සඳහා පෙනී සිටීමට සුදුසු තත්ත්වයට සුව වූ පසු ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කලේය.

මෙම සිද්ධිය සම්බන්ධව සැකකරුවන් 11 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර මේ වනවිට 10 දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වූ ඖෂධ නිසා ජීවිත අවදානම් තත්ත්වයට පත් කිරීම සහ රජයට කෝටි ගණනක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකමුතුව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී.

සබැඳි පුවත්

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහරන ලෙසද අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Continue Reading

පුවත්

බදු නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ආදායම 25%කින් පල්ලම් බැහැලා

Published

on

By

2023 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 477 ක මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කෙරුණද, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීමෙන් පසුව ඉකුත් වසරේදී (2024) එක්සත් ජනපද ඩොලර් මිලියන 360 දක්වා අපනයන සියයට 25 ක විශාල පහත වැටීමක් සිදුවූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කටුනායක බණ්ඩා රනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති VAT Refund Counter (වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව) පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලින් පසුව ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදායින් පසුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීම සිදු කෙරුණු බවත්, ඒ අනුව, සංචාරකයන්ට මැණික් හා ස්වර්ණාභරණ විකිණීමේදී, රළු මැණික් ආනයනය කිරීමේදී සියයට 18 ක වැට් බද්දක්ද, රත්තරන් ආනයනය කිරීමේදී සියයට 45.14 ක බදු පනවා ඇති බවත් ඔහු කීවේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පතල් කැණීමේ බලපත්‍ර 8,000 ක පමණ ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බවත්, මෙම පතල්වලින් සියයට 50 ක් පමණ ලාභ ලබන බව උපකල්පනය කළහොත් ඔවුන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කට වඩා වටිනා මැණික් නිෂ්පාදනය කළයුතු බවත් ඔහු පැවැසීය.

මැණික් නිෂ්පාදනය මෙරට නිල අපනයනය බවට පත් කිරීමට හැකි වුවහොත් මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රටේ දෙවැනි විශාලතම අපනයනය වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

මැණික් හා ස්වර්ණාභරණ සඳහා සියයට 18 ක වැට් බදු පැමිණවීමෙන් පසුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සැලකියයුතු ලෙස පහත වැටී ඇති බවත්, ඇතැම් රටවල මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමෙන් පසු වැට් බදු නැවත ඔවුන්ට ගෙවීම ආදී තරගකාරී කටයුතු මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පහත වැටීමට හේතුවී ඇති බවත් ඔහු පැවැසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved