Connect with us

පුවත්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි

Published

on

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට අදාළව එම අධිකරණයේ සේවයේ නියුතු තවත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අධිකරණයේ සේවයේ නිරතව සිටි සිතාසි හා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (22) දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් මීට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටී.

සබැඳි පුවත් :

පුවත්

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීලාට අලුත් වාහන ලැබෙනවා – මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක

Published

on

By

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කඩිනමින් අලුත් වාහන ලැබෙනු ඇති බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල යාන්ත්‍රික හා උපකරණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා ( 18 ) එක් වෙමිනි.

“ අපි බලාපොරොත්තු වෙනවා හැම මන්ත්‍රීවරයකුටම වාහනයක් ලැබෙයි කියලා. මෙතෙක් මන්ත්‍රීවරුන්ට එහෙම වාහනයක් ලැබිලා නැහැ. ඇමැතිවරයකුට හරි මන්ත්‍රීවරයකුට හරි තමන්ගේ රාජකාරි ඉටු කිරීම සඳහා වාහනයක් ඕනේ වෙනවා . අපට ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ . මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම සඳහා එකඟතාවකට ඇවිත් තියෙන්නේ. ඒක ඩබල් කැබ් එකක්ද වෙන එකක්ද කියලා තාම දන්නේ නැහැ. කොහොම වුණත් අලුත් වාහන ඉදිරි මාස කිහිපය තුළ ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. මොකද තියෙන වාහන බොහොම නරක විදිහට අවභාවිත කරලා. පාවිච්චි කරන්න බැහැ” යනුවෙන් ද මන්ත්‍රීවරයා කීවේය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක්

Published

on

By

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවරයන් මේ වනවිට ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව එම මණ්ඩලයේ නිලධාරීන් හා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ය.

පසුගිය රජයන් කිහිපයක් ම මෙවන් ආයතනයක් ස්ථාපිත කිරීමට උත්සහ ගෙන තිබුණ ද එය මේ දක්වා සාර්ථක වී නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

ඉදිරි කාලපරිච්ඡේදය තුළ මෙම ආයතනය ස්ථාපිත කිරීම අමාත්‍යංශයේ අපේක්ෂාව බව පැවසූ අමාත්‍යවරයා, ඒ තුළින් මෙරට මාධ්‍ය වෘත්තියේ නිරතවන්නන් ට සිය වෘත්තියට වටිනාකමක් ලබාදීම මෙන් ම පරිපූර්ණ ජනමාධ්‍යවේදීන් දැයට දායාද කිරීමේ හැකියාව ද ලැබෙන බව පැවසීය.

ජනමාධ්‍යවේදීන්ට සිය නිදහස, ස්වාධීනත්වය සහ ගරුත්වය ආරක්ෂා කරදීමත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් අරමුණ කර ගනිමින් වසර පනහක් පමණ පැරණි 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත නව සන්නිවේදන ප්‍රවනතාවයන්ට යෝග්‍ය පරිදි යාවත්කාලීන කිරීම පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

ජනමාධ්‍යවේදීන් සදහා ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාක්මක වූවත්, වර්තමානය වනවිට එහි යම් යම් සංශෝධන සිදුවිය යුතු බව පෙනී ගොස් ඇති බව ද මෙහිදී අනාවරණය විය.

මෙරට තුළ නීතිගරුක, මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරගත් පරිපූර්ණ වෘත්තීය නිපුණත්වයකින් හෙබි ජනමාධ්‍යවේදීන් නිර්මාණය කිරීම සදහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මූලිකත්වයෙන් ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යයන කටයුතු, සුභසාධනය, වෘත්තීය නිපුණත්වය ඉහළ දැමීම ආදී ක්ෂේත්‍ර සදහා විවිධ වැඩසටහන් දීපව්‍යාප්තව සංවිධානය කළයුතු ආකාරය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.

විශේෂයෙන් ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස මෙහි දී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

එමෙන්ම දැනටමත් පුවත්පත් මණ්ඩලය පාසල් දරුවන්ට හා සන්නිවේදන විෂයට ලැදියාවක් දක්වන්නන් ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබන විශේෂ වැඩමුළු මාලාව ද මනා සංවිධාන ව්‍යුහයක් යටතේ අඛ‍ණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී තිරණය කරණු ලැබීය.

මෙම සාකච්ඡාමය අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල්.විජේනායක, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, වත්මන් සභාපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත, නීතීඥ මහීෂා මුදුගමුව, ලෙස්ලි දේවේන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Continue Reading

පුවත්

14 ක් රෝහලට යැවූ බස් අනතුර

Published

on

By

අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

බස් රථයේ මඟීන් 49ක් පමණ ගමන් කර ඇති අතර අනතුරින් බස් රථයේ රියදුරු සහ රිය සහයක සමඟින් මඟීන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර පසුව රියදුරු සහ මඟීන් 09 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය රෝහල වෙත මාරුකර යවා ඇත.

අනතුරට හේතුව බස් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරි රිය ධාවනය බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved