Connect with us

පුවත්

කොල්ලුපිටියේ ගණිකාවක් ළග කෝටි 10ක වත්කමක්!

Published

on

කොල්ලුපිටිය දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 සෙසු සැකකරුවන් තිදෙනා අතර ඉහළ මිල ගණන්වලට ගණිකා සේවය සපයන මෙරට 24 හැවිරිදි සුරූපී තරුණියක්, එහි කළමනාකරු සහ මෙම ගණිකා නිවාසය මෙහෙයවූ යුද හමුදා හිටපු නිලධාරියෙකුද වේ.

දෙස් විදෙස් සුපිරි ධනවතුන් නිරතුරුවම මේ ස්ථානයට පැමිණ ඇති බවද මූලික පරීක්ෂණ වලද ී හෙලිව තිබේ.

 ඉහළ මිල ගණන්වලට ගණිකා සේවය සපයන සුරූපී තරුණිය අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඇයගේ හත් හැවිරිදි දියණියද එම ස්ථානයේ සිටි බවද පොලිසිය කියයි.

උපාය දූතයා ස්ථානයට පිවිස රුපියල් දසදහසක මුදලකට කාන්තාවක් මිලදී ගෙන කාමරයකට පිවිසීමත් සමගම වලාන ඒකකයේ නිලධාරින් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට පත් පස් දෙනා අතර සිටි තායි තරුණියන් දෙදෙනා සතුව විදෙස් ගමන් බලපත්‍ර පවා නොතිබූ බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණිය රුපියල් කෝටි දහයක පමණ දේපළවලට හිමිකම් කියන තැනැත්තියක් බවත් ඇයගේ නමින් සුඛෝපභෝගී මෝටර් රථ තුනක්, පිලියන්දල ඉදිකරමින් පවතින තෙමහල් නිවසක්ද ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සඳහන් කර ඇත්තේ මෙම වත්කම් එම රැකියාවෙන්ම උපයා ගත් ඒවා බවය. 

ඇය දිනකට පුද්ගලයින් පස් හය දෙනෙකුට සේවා ලබාදී රුපියල් එක්ලක්ෂ තිස් දහසක පමණ මුදලක් සොයාගන්නා බවද පොලිසිය හමුවේ පවසා ඇත.

එමෙන්ම සැකකාර 24 හැවිරිදි තරුණිය මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යන ස්ථානය අළුත්වැඩියා කරගැනීම සඳහා එහි කළමණාකරුට රුපියල් ලක්ෂ 35 ක ණය මුදලක් පවා ලබාදී තිබෙන බවද විමර්ශන මගින් හෙළිවී ඇත.

එහිදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන යුද හමුදා නිලධාරියා අසනීප තත්ත්වයෙන් පෙළෙන බව පැවසූ බැවින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයේදී මෙම ගණිකා නිවාසය කාලයක පටන් කරගෙන ගොස් තිබෙන අතර කොල්ලුපිටිය පොලිසියේ උසස් නිලධාරීන්ගේ සහායද මේ සඳහා ලැබී ඇත.

වලාන දූෂන මර්දන ඒකකය පොලිසියටද රහසිගතව සිදුකළ මෙම වැටලීම සඳහා අධිකරණ සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තිබෙන අතර ඒබව කොල්ලුපිටිය ප්‍රදේශයේ බොහෝ ගණිකා නිවාස හා සම්භාහන මධ්‍යස්ථාන වෙත පණිවුඩ ලැබී ඇත.

එමෙන්ම අත්අඩංගුවට ගත් තායි තරුණියන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා තායිලන්ත තානාපති කාර්යාලය හරහා භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබා ගන්නා බවත් පොලිසිය කියයි.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved