Connect with us

පුවත්

කොල්ලුපිටියේ රිය අනතුර කළ අය ඩුබායි වෙත පලාගිහින්!

Published

on

කොල්ලුපිටිය ගාලු පාරේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාලව මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගිය (26) හැවිරිදි මෝටර් රථ රියදුරු මෙන්ම රථ හිමිකරු   එදිනම  ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇති බව තොරතුරු අනාවරණය වේ.

මෙම අනතුර ඉකුත් (10) දින පෙරවරු 6.15 ට පමණ සිදුව ඇති අතර, අනතුරින් පසු මෝටර් රථය එම ස්ථානයේදීම දමා පලාගොස් තිබිණි

පසුව සැකකරු එදින පෙරවරු 9.55 ට පමණ කටුනායක ගුවන්තොටින් ඩුබායි රාජ්‍ය බලාගොස් ඇති බවට වාර්තා වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකරු (26) හැවිරිදි පුද්ගලයකු වන අතර ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් ව්‍යාපාරවල නිරත වන බවත්  දින කිහිපයක නිවාඩුවක් සදහා මොහු දින කිහිපයකට පෙර මෙරටට පැමිණි ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඩුබායි සිට නිවාඩුවට පැමිණීමේ සතුටට ඔහු සිද්ධි වු දින සිය මිතුර මිතුරියන්  පිරිසකට මේ අයුරින් මත්පැන් සාදයක් පවත්වන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

කාන්තාවන් තිදෙනකු ඇතුලු පස් දෙනකුගෙන් සමන් විත පිරිසක් රාත්‍රි සමාජ ශාලා තුනකින් මත්පැන් පානය කර තවත් මත්පැන් පානය කිරීම සදහා කොළඹ තරු හෝටලයක් වෙත යමින් සිටියදී ඉකුත් (10) දින පෙරවරුවේ රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

සිද්ධියෙන් සැකකරු අත්අඩංගුවට පත්වීම වලක්වමින් ඔහු මෙලෙස රටින් පලාගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා මියගොස් සිටි ත්‍රිරෝද රථ රියදුරු කහතුඩුව ප්‍රදේශයෙ පදිංචි ඩ්‍රෑමන් නූර්ඩීන් තුවාල් (58) හැවිරිදි  පුද්ගලයකු බවද පොලිසිය පවසයි.‍

රටින් පලා ගොස් සිටින රථයේ රියදුරු කෝටිපති ව්‍යාපාරිකයකු බවත්, සැකකරුට අයත් මරදාන, දෙහිවල සහ  වැල්ලම්පිටියේ නිවසේ දෙකක පරික්ෂාවට ලක් කළ ද සැකකරු එම නිවසේ වල නොසිටි බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගේ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇති බවත්, අධිකරණයෙන් නියෝග ලබාගෙන ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved