Connect with us

පුවත්

කොළඹින් බදුලු යනවට වඩා ලංකාවෙන් ඉන්දියාවට යාම පහසු වෙයි

Published

on

දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ කොලඹ වරායන් අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය කියයි.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී ඊයේ (13) මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම වැඩපිලිවෙලේ ප්‍රථම පියවර ලෙස කන්කසන්තුරේ සහ පාන්ඩිචෙරි අතර මගී යාත්‍රා (ෆෙරි) සේවාවන් ලබන ජනවාරි මස මැද ආරම්භ කිරීමට සැලසුම් ඇති කර ඇති බවත් ඒ සඳහා ඉන්දියානු රජයේ අනුමැතිය ලබා දී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියි.

ඉන්දියානු ජාතිකයින් විශාල වශයෙන් යාපනය අර්ධදීපයේ ව්‍යාපාර කටයුතු වල නියැලෙන බැවින් මෙවැනි මගී යාත්‍රා සේවාවන් ආරම්භ කිරීම තුලින් මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකිවන බවත්, එමෙන්ම දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බැතිමතුන්ටද මෙම මගී යාත්‍රා සේවාව විශාල සහනයක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

මගී යාත්‍රා සේවාවන් ආරම්භ කිරීමට ප්‍රථම වරායන් තුල දැනට තිබෙන යටිතල පහසුකම් වැඩිදියුණු කල යුතු බව යාත්‍රා හිමියන් මෙහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව මෙම මගී යාත්‍රා සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය රේගු, ආගමන විගමන කටයුතු සඳහා වරායන්හි යටිතල පහසුකම් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඒ සඳහා රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව කටයුතු කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

වරකට මගීන් 300 ක් හෝ 400 ක් පමණ රැගෙන යා හැකි මෙම යාත්‍රාවකට එක් ගමනාන්තයක් සඳහා පැය 3 ½ ක පමණ කාලයක් ගතවන බව මෙම සාකච්ඡාවට සහභාගී වූ යාත්‍රා හිමියන් පවසා තිබේ.

එක් ගමන්වාරයක් සඳහා ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් 60 ක් පමණ එක් මගියකුගෙන් අයකිරීමට නියමිත බවත් කිලෝ ග්‍රෑම් 100 ක බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බවත් යාත්‍රා හිමියන් අවධාරණය කර ඇත.

කෙසේවුවද, එහිදී පැමිණ සිටි අය විශයභාර අමාත්‍යවරයා නියෝජය කරනු ලබන බදුල්ල දිස්ත්‍රික්කයට කොළඹ සිටි යාමට ගතවන කාලයටත් වඩා ඉක්මනින් ලංකාවේ සිට ඉන්දියාවට යාමට මේ බෝට්ටු සේවයෙන් අවස්ථාව ලැබෙන බව කතා බහට ලක්කර තිබේ.

සාමාන්‍යයෙන් කොළඹ සිට බදුල්ලට බස් රථයකින් යාම සඳහා පැය 8කට ආසන්න කාලයක් ගතවේ.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය, නාවික හමුදාව නියෝජනය කරමින් කමාන්ඩර් සේනක වාහල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් ද මගී යාත්‍රා හිමියන් පිරිසක් ද සහභාගි වූහ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved