Connect with us

පුවත්

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට

Published

on

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළේය.

එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමින් අධිකරණය මෙම නියෝගය ගෙන තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකාබැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පුවත්

හමුදාවෙන් පලාගිය 3000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

Published

on

By

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි මස 22වනදා සිට මැයි මාසයේ 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී ඔවුන් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සෙබළු අතර යුද හමුදාවේ 2,261ක්,  නාවික හමුදාවේ 194ක්, ගුවන් හමුදාවේ 198ක් සිටිති.

මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින් ද එළෙස පලාගිය සෙබළුන් හා නිලධාරීන් 330 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Continue Reading

පුවත්

අදින් ආරම්භ වෙන “ජාතික බදු සතිය”

Published

on

By

ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

“බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද සිට ලබන 07වනදා දක්වා වු සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

අද සිට රක්ෂිතයක් වන නිල්ගල

Published

on

By

අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල පැතිර තිබෙන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස අද (02) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

හෙක්ටයාර 40,683ක සමන්විත නිල්ගල වනය මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල ලෙස වන සංරක්ෂණ බීට්ටු හතරකින් සමන්විතය.

එහි ප්‍රධානම වන සංරක්ෂණ කොටස බිබිල අඩවිය වේ.

නිල්ගල වනය රක්ෂිතයක් ලෙස නම් කිරීමේ සමාරම්භක උත්සවයේ සංවිධාන කටයුතු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත බිබිල, රතුගල ආදිවාසී ජන උරුම මධ්‍යස්ථානයේ දී අද (02) පෙරවරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

ජූනි 05 වනදාට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ යටතේ ජාතික පරිසර සතියක් නිවේදනය කර තිබෙන අතර, එහි සිව්වන දිනය වන අද දිනය ජෛවවිවිධත්ව සංරක්ෂණ දිනය ලෙස නම් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved