කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති ප්‍රශ්නවලට කතානායකවරයාගේ නිසි වාර්තාවකින් අනතුරුව පිළිතුරු ලබා දීමට අපේක්ෂා කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (10) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කලේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කතානායකවරයා ඉදිරි දින කිහිපය ඇතුළත පැහැදිලි ප්‍රකාශයක් සිදු කරනු ඇති බවය.
ඒ අනුව, එහි සත්‍ය අසත්‍ය විමසා බැලීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම් දෙන බව නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කලේය.
“එක එක කණ්ඩායම් ඒක මතු කරලා තියෙනවා. කතානායකවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් තව දින කිහිපයකින් එය කරාවි. බලාගෙන ඉන්න. ඒ අයටත් පොඩි අවස්ථාවක් දෙන්න එපැයි. එක එක දේවල් කියාගෙන ඉන්න. මේ දවස්වල එයාලාගේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඉතා වගකීම් සහගත ප්‍රකාශයක් කතානායකවරයා සිදු කරාවි.
කතානායකවරයා තමන්ගේ සුදුසුකම් පිළිබඳව වාර්තාකරාට පස්සේ අපි ඒක බලමු. සත්‍යය නම් ඒ පිළිබඳ තීන්දුවයි. අසත්‍යයි නම් ඒ පිළිබඳ ගන්න තීන්දුවයි දෙකම කියන්නම්. වුණාට පස්සේ. අසත්‍ය නම් ප්‍රශ්නයකුත් තියෙනවා.”
(පෙර පුවත 2024 දෙසැම්බර් 10; පෙ. ව. 10:03)
කතානායකගේ ආචාර්ය පට්ටම ගලවයි
නව පාර්ලිමේන්තුවේ අභිනව කතානායක අශෝක රංවල මහතාගේ නම ඔහු පත්වූ දා සිට ‘ ආචාර්ය අශෝක සපුමල් රන්වල’ ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් විය.
කෙසේවෙතත් මේ වන විට ඔහුගේ නමට ඉදිරියෙන් වූ ආචාර්ය ගෞරව නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත්කොට තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව කතානායක අශෝක රංවල මහතාගේ ආචාර්ය ධූරය තවදුරටත් වලංගු නොවනු ඇත.