Connect with us

පුවත්

කොළඹ පාසල් ළමුන්ගේ ස්ථූලතාව 8% දක්වා ඉහළට

Published

on

කොළඹ දිස්ත්‍රික්කය තුළ පාසල් දරුවන්ගේ ස්ථූලතාව 8% දක්වා ඉහළ ගොස් ඇති බවට නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළි වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසයි.

ප්‍රෝටීන් බහුල ආහාර මිල දී ගැනීමේ අපහසුතාව නිසා කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර පරිභෝජනයට දරුවන් යොමුව ඇති බවත් දරුවන්ගේ ස්ථූලතාව ඉහළ යෑමට එය හේතුවක් බවත් ඇය පෙන්වා දෙයි.

දරුවන් තුළ මෙලෙස ස්ථූලතාව වර්ධනය වීම ඔවුන්ගේ අනාගතයට අහිතකර ලෙස බලපාන බවත්, බෝ නොවන රෝග ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනාගතයේ ඉහළ යෑමක් මෙමඟින් සිදු වන බවත් ඇය කියා සිටියි.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ සහිත අනාගත පුරවැසියන් බිහිවීම මේ නිසා වැළැක්විය නොහැකි වනු ඇතැයි ද ඇය අනතුරු අඟවයි.

එබැවින් පිටි සහිත ආහාර හැකි තරම් අවම කර, දරුවන්ට ප්‍රෝටීන් සහිත ආහාර ලබාදීමට යොමුවීමෙන් ස්ථූලතාව වළක්වාගත හැකි බව ද වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

(මුලාශ්‍රය – දිනමිණ)

පුවත්

කටුනායක නව මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Published

on

By

ජයිකා ආධාර මත කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබේ.

වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන ජූනි මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි වන බවයි.

නව මගී පර්යන්තය ඉදිකිරීමත් සමග 2028 වසර වනවිට කටුනායක ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව මිලියන 15ක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Continue Reading

කින්නියා කුරින්චර්කනි පාලමේ ඉදිකිරීම් යලි ඇරඹේ

Published

on

By

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්වර්කනි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇ.ඩො මිලියන 10.5ක මුදලක් වෙන් කෙරේ.

ඒ අනුව, පේරාදෙණිය බදුල්ල සෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් මේ සඳහා යෙදෙවීමට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ (නීති) අබ්දුල් මොසෙන් ඒ අල්මුල්ලා මහතා විසින් සිදු කරන ලදී.

එම සංශෝධිත ගිවිසුම් මගින් පේරාදෙණිය බදුල්ල සෙංකලඩ් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉතිරි මුදල් මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය වෙත මාරුකිරීමට අපේක්ෂිත අතර, එය කුරිචර්කනි පාලම ඉදිකිරීමේ කටයුතු සඳහා වෙන් කරනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved