Connect with us

පුවත්

කොළඹ බාලිකාවක සිසුවියක් පැදවූ ඩිෆෙන්ඩරයක් ‌පොලිසිය වටේ යවලා!

Published

on

පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පැදවූ සුරූපී තරුණියන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසකි.

ප්‍රථමයෙන් මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් තිබූ එම ඩිෆෙන්ඩර් රථය තවත්වන ලෙසට මාර්ග රාජකාරියේ යෙදී සිටි මරදාන පොලීසියට අනුයුක්ත නිලධාරීන් සංඥා කර තිබේ.

කෙසේ වෙතත් එම අ​ණ නොතැකූ ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර ඇත.

වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් එම රථය පිළිබඳව පොලිස් මෙහෙයුම් මැදිරිය දැනුවත් කර තිබේ.

ඒ අනුව මරදාන ටෙක්නිකල් මංසන්ධිය ආසන්නයේදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් රථය නවත්වන ලෙසට සංඥා කර ඇත.

එම අණද නොතකා ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.

පසුව කැළෑ පොළ ආසන්නයේ රැඳී සිටි පොලිස් නිලධාරීන් විසින් එම රථය නවත්වන ලෙසට සංඥා කළ ද එය නොතැකූ තරුණියන් පිරිස ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර තිබේ.

පසුව ක්‍රියාත්මක වූ පොලීසිය රථය පසුපස හඹා ගොස් එය නවතාගැනීමට සමත්ව ඇත.

එහිදී තරුණියන් පිරිස සහ පොලිස් නිලධාරීන් අතර බහින්බස්වීමක් සිදුව ඇති බවත් අනතුරුව සැකකාර තරුණියන් පිරිස අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

සැකකාර තරුණියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මරදාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

පුවත්

පියුමිගේ පුතාට ඇප; පහර කෑ අය තවමත් රෝහලේ

Published

on

By

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේවෙතත් පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇත.

Continue Reading

පුවත්

කෙහෙල්බද්දර පද්මේ හා ඔහුගේ බිරිය මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් ඵලා ගිහින්!

Published

on

By

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ අනියම් බිරිඳ මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෙහෙල්බද්දර පද්මේ සහ ඔවුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත පසුගිය 09 වැනිදා මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බවට වාර්තා පළ විය.

පසුව මෙරට පොලීසියද එම පුවත තහවුරු කළ අතර පසුව ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එරටටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර යැවීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේදී යළි මෙරටට පැමිණිමට නියමිත බවත් වාර්තා වේ.

Continue Reading

පුවත්

ඉෂාරා සෙව්වන්දිගේ මව ජීවිතක්ෂයට

Published

on

By

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස මියගොස් ඇත්තේ පසුගිව 11 වැනිදා බවද වාර්තා වේ.

මෙම ඝාතන සිද්ධියට අදාළව ආධාර අනුබල දීමේ චෝදනා මත ඉෂාරා සෙව්වන්දි නම් ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මේ අතර මැලේසියාවේ සිට තායිලන්තය බලා බෝට්ටුවකින් පළායමින් සිටියදී කෙහෙල්බද්දර පද්මේ සහ ඔවුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත පසුගිය 09 වැනිදා මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බව වාර්තා පළ විය.

පසුව මෙරට පොලීසියද එම පුවත තහවුරු කළ අතර පසුව ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එරටටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර යැවීමට පියවර ගනු ලැබීය.

කෙසේ නමුත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු තිදෙනා මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

ඒ අනුව ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේදී යළි මෙරටට පැමිණිමට නියමිත බවත් වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved