Connect with us

පුවත්

කොළඹ මරුමස්ථාන 7කට IS ප්‍රහාරයක් ගැන සැලසුමක්

Published

on

පාර්ලිමේන්තුව, වරාය නගරය අවට, ගංගාරාම ඇතුළු කොළඹ නගරයේ මරමස්ථාන හතක් ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්‍රස්තයන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා වෙත ඊයේ (05) කරුණු වාර්තා කර තිබේ.

දැනට ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මෙම සැලසුම සැලසුම් කර ඇති බවට ද එහිදී කරුණු වාර්තා වී ඇතැයි පැවසේ.

පල්ලෙකැලේ බන්ධනාගාරයේ රැඳවූවකු අදාළ ත්‍රස්තයන්ගේ සැලසුම සම්බන්ධයෙන් කරුණු දැනගෙන ඒ සම්බන්ධයෙන් සටහන් යොදා ගත් ලිපියක් තැන්නේකුඹුර පොලිස් මුරපොළ වෙත වීසි කර ඇති බවට ද කරුණු අනාවරණය වේ.

බන්ධනාගාරගතව සිටින මෙම ත්‍රස්තයන් ජංගම දුරකතන හරහා කොළඹ නගරයේ ස්ථාන කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ සංවාදයට මෙම රැඳවියා සවන් දී ඇති අතර, පසුව එම ත්‍රස්තයන් විසින් මෙම රැඳවියාට ද පහරදී ඇත. 

තමා දැනගත් සියලු තොරතුරු සමඟ නම් හා දුරකතන අංකය ද සඳහන් කළ ලිපියක් ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් පල්ලෙකැලේ සිට මහරට ගෙන යන අවස්ථාවේදී තැන්නේකුඹුර පොලිස් මුරපොළ වෙත වීසිකොට ඇත.

මෙම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් කරන ත්‍රස්ත විමර්ශන ඒකකය අදාළ රැඳවියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

අදාළ කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම අදාළ අධිකරණ බල ප්‍රදේශයට අයත් අධිකරණයකින් සිදු කරන ලෙසට නියෝග කළේය.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved