Connect with us

පුවත්

‘කොළඹ මූල්‍ය නගරයේ’ පළමු ආයෝජකයා දිවයිනට

Published

on

පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ මූල්‍ය  නගරය (Colombo Financial City) ලෙස යළිත් නම් කිරීමෙන් පසු, එහි ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයන්  සිව් දෙනෙකු 10/02 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

චීනයේ අර්ධ රාජ්‍ය සමාගමක් වන CZK Huarui International Culture and Art (Beijing) සමාගමේ සාමාන්‍යාධිකාරී සොෆියා ලී (Sophia Li)මහත්මිය ඇතුළු තවත් තිදෙනකු එසේ පැමිණ සිටියහ .

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගිය දා චීනයේ සිදු කළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමග ඇති කර ගත් එකගතා සහ ගිවිසුම් ගත වීම් මත මෙම ආයෝජකයන් පිරිස පැමිණ තිබුණි .

 මොවුන් පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක් , එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබේ .

මීට අමතරව මොවුන්  තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක්  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර තිබේ.

මෙම සියලු ආයෝජන ව්‍යාපෘති සදහා දින 07 ක කාළයක් තුළ අවශ්‍ය  අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් මේ වනවිට සම්පාදනය කර තිබේ.

මෙම ආයෝජකයන් පිරිස 10/02 දින රාත්‍රී 08.30 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යු.- 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මනෝජ් කසීර් , එම මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් ධර්මසිරි මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

(අද)

සබැඳි පුවත් : 

වරාය නගරය ‘කොළඹ මූල්‍ය කලාපය’ බවට හැරෙනවා – ජනපති 

පුවත්

ASP ගේ පක්ෂය දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයන්ට වෙන් කරයි 

Published

on

By

ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා නායක්තවය දරණ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් මෙවර උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වලට දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට සහය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය  අමාත්‍යවරයකු ද වන කේ. කාදර් මස්තාන් මහතා අදාළ ලයිස්තු සකස් කිරීමේ පෙරමුණ ගෙන කටයුතු කළ බව පැවසේ.

මේ පක්ෂය සඳහා ද මුදල් යොදවනු ලබන්නේ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා රාශියක හිමිකරුවකු වන දෙමළ ජාතික ව්‍යාපාරිකයකු බව වාර්තා වේ.

Continue Reading

පුවත්

දිස්ත්‍රික්ක 9කට නායයෑම් අනතුරු ඇඟවීම්

Published

on

By

දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව, ඊයේ (10) පෙරවරු 8.30 සිට අද (11) අළුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එය මිලිමීටර 196.5කි.

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයට මිලිමීටර් 173.5ක වර්ෂාපතනයක්ද, කළුතර වොගන් වතුයාය ප්‍රදේශයට මීලිමීටර් 163.5ක වර්ෂාපතනයක් ද ලැබී තිබේ.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

හයිලෙවල් පාරේ කොටසක් ජලයෙන් යටවෙයි

Published

on

By

පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved