Connect with us

පුවත්

කොළඹ වැසෙන පාරවල් ගැන පොලීසියෙන් අලුත්ම නිවේදනයක්

Published

on

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් සිදුකරන රථවාහන සැලැස්මට අනුව කොළඹ අවට මාර්ග වසාතැබෙන ආකාරය ගැන පොලීසිය විසින් අද (5) අලුත්ම නිවේදනයක් නිකුත් කළේය.

මෙම විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මාර්ගයන් වසා තැබෙන කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග මහජනතාවට සහ රියැදුරන්ට භාවිතා කළ හැකි බව එම නිවේදනයේ දැක්වේ.

අද (05) ගාලු මුවදොර සිට නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කිරීම

මාර්ගය වසා තැබීම – ගාලු මුවදොර සිට නිදහස් චතුරශ්‍රය දක්වා ගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ගමන් කිරීමට නියමිත අතර පැය 0800 සිට ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණෙන තුරු ගාලු මුවදොර වටරවුම, ගාලු පාර කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය මාකස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, ඇල්බට් ක්‍රසන්ට්, නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් මාවත, නිදහස් වටරවුම නිදහස් චතුරශ්‍රය දක්වා මාර්ගයන් වසා තැබෙන අතර එම කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කළ හැක.

විකල්ප මාර්ග – කොළඹට ඇතුළු වන වාහන තුම්මුල්ල, බෞද්ධාලෝක මාවත, විජේරාම හන්දියෙන් වමට,හොර්ටන් විජේරාම, ඇස් වාට්ටුව හරහා කොළඹ දෙසට ගමන් කළ හැක.

කොළඹින් පිටවීම – ධර්මපාල මාවත, ඇස් වාට්ටුව, හෝර්ටන් වට රවුමෙන් වමට හැරී බෞද්ධාලෝක මාවත ඔස්සේ පිටවීම.

ගාලු මුවදොර සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම

මාර්ගය වසා තැබීම – ගාලු මුවදොර සිට ගාලු මැද පාර , ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගරු අග්‍රාමාත්‍ය තුමා ගමන් කිරීමට නියමිත අතර එම මාර්ගය පැය 0900 සිට ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණෙන තුරු වසා තැබෙන අතර එම කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කළ හැක.

විකල්ප මාර්ග – කොළඹට ඇතුළු වන වාහන කොල්ලුපිටිය හන්දියෙන් පිත්තල හන්දියෙන් වමට හැරි ගංගාරාමය හරහා කොම්පඤ්ඤ වීදිය හන්දිය, සෙරමික් හන්දිය, කොළඹට ඇතුළු විය හැක.

කොළඹින් පිටවන වාහන සඳහාද එම මාර්ගය භාවිතා කිරීමට හැකියාව ඇත.

ගාලු මුවදොර සිට පැලවත්ත අපේගම පරිශ්‍රය දක්වා ගමන් කිරීම

මාර්ගය වසා තැබීම – ගාලු මුවදොර සිට ගාලු මැදපාර පැලවත්ත අපේ ගම පරිශ්‍රය දක්වා ගරු අග්‍රාමාත්‍යතුමා ගමන් කිරීමට නියමිත අතර ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, පුස්තකාල හන්දිය, ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ වටරවුම, හෝර්ටන් කිංසි හන්දිය, ඩඩ්ලි සේනානායක මාවත, ඩී.එස් හන්දිය, මොඩල් ෆාම් හන්දිය, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය,ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය, පොල්දූව හන්දිය, පාර්ලිමේන්තු මාර්ගය පැලවත්ත අපේගම පරිශ්‍රය දක්වා පැය 1600 සිට එම මාර්ගයන් වසා තැබීම හා ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණීම දක්වා එම මාර්ගයන්හි ප්‍රභූවරයා ඇතුළු රථ පෙල පසු කරනු ලබන මංසන්ධි අනුව පිළිවෙලින් එම මාර්ගයන් විවෘත කිරීම සිදු කරනු ලබයි.

විකල්ප මාර්ග 

කොළඹින් පිටවීම – බණ්ඩාරනායකපුර හන්දිය, කොටා පාර ඔස්සේ බුත්ගමුව අඹගහ හන්දියෙන් දකුණට හැරී කොස්වත්ත හන්දියෙන් කඩුවෙල දෙසට

පරණ කොටාපාර ඔස්සේ වැලිකඩ හන්දිය, නාවල පාර ඔස්සේ හයිලෙවල් මාර්ගයට

කොළඹට ඇතුළුවීම – පැලවත්ත, පාලංතුන මංසන්ධියෙන් දකුණට හැරී කොස්වත්ත මාර්ගයේ

අඹගහ හන්දියෙන් දකුණට හැරී අයි.ඩී.එච් හරහා පරණ අවිස්සාවේල් මාර්ගයෙන් කොළඹට ඇතුල්විය හැක.

ගාලු මුවදොර සිට ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීම

මාර්ගය වසා තැබීම – ගාලු මුව දොර සිට ජනාධිපති මන්දිරය දක්වා ගරු අග්‍රාමාත්‍යතුමා ගමන් කිරීමට නියමිත අතර ගාලු මැද පාර, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මන්දිරය දක්වා පැය 1800 සිට ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණෙන තුරු එම මාර්ගය වසා තැබෙන අතර එම කාලය තුළ පහත විකල්ප මාර්ග භාවිතා කළ හැක.

විකල්ප මාර්ග – කොල්ලුපිටිය හන්දියෙන් පිත්තල හන්දියෙන් වමට හැරී ගංගාරාමය හරහා කොම්පඤ්ඤවීදිය හන්දිය, සෙරමික් හන්දියෙන් කොළඹට ඇතුළු වියහැක.

කොළඹින් පිටවන වාහන සඳහා ද එම මාර්ගය භාවිතා කිරීමට හැකියාව ඇත.

පොලීසිය විසින් නිකුත්කළ එම නිවේදනය

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved