Connect with us

පුවත්

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Published

on

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි.

විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව පාරට හැරී රාමනායක මාවත හන්දියට පැමිණ රාමනායක මාවත ඔස්සේ ජේම්ස් පීරිස් මාවත හන්දිය දක්වා ගමන් කර ජේම්ස් පීරිස් මාවත ඔස්සේ අල්ට්‍රෙයාර් ඇරවනිව් හන්දියෙන් දකුණට හැරී අල්ට්‍රෙයාර් ඇවනිව් ඔස්සේ ස්ටෙපල් වීදිය හන්දිය දක්වා ගමන් කර දකුණට හැරී ස්ටෙපල් වීදිය,බේබෘක් පෙදෙස, බේබෘක් වට රවුම, ජිනරථන මාවත ඔස්සේ ගංගාරාම  විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

පෙරහැර පෙළගැසෙන අවස්ථාවේ මාර්ගය තාවකාලිකව වසා තබන ස්ථාන

– රාමනායක මාවත හුණුපිටිය වැව පාර හන්දිය
– කොල්වින් ආර් ද සිල්වා මාවත (යුනියන් පෙදෙස) හයිඩ් පාර්ක් කෝනර් හන්දිය

පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවේ මාර්ගය තාවකාලිකව වසා තබන ස්ථාන

– බේබෘක් වට රවුමෙන් ජිනරථන මාවතට ඇතුළු වීම
– ජේම්ස් පීරිස් මාවත ජිනරතන මාවත හන්දියෙන් ජිනරථන මාවතට ඇතුල්වීම
– හුණුපිටිය වැව පාර රාමනායක මාවත හන්දියෙන් රාමනායක මාවතට සහ පන්සල දෙසට ඇතුළු වීම
– රාමනායක මාවත ජේම්ස් පීරිස් මාවත හන්දිය.
– පිත්තල හන්දිය, පෙරහැර මාවත අල්විස් පෙදෙස හන්දිය, මුත්තයියා පාර, ස්ටෙපල් වීදිය හන්දිය, ස්ටෙපල් වීදිය අල්ට්‍රෙයාර් ඇවනිව් හන්දිය, නවම් මාවත, ජේම්ස් පීරිස් මාවත හන්දිය.
-යුනියන් පෙදෙස ස්ටෙපල් වීදිය හන්දිය, යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය, පාර්ක් වීදිය හයිඩ් පාර්ක් කෝනර් හන්දිය.

ජේම්ස් පීරිස් මාවත තාවකාලිකව වසා තබන අවස්ථාවේ එම මාර්ගය ඔස්සේ ධාවනය වන රථවාහන සඳහා විකල්ප මාර්ග

– කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසින් පැමිණෙන රථවාහනවලට යුනියන් පෙදෙස ලිප්ටන් වටරවුම ඔස්සේ ද
– ජේම්ස් පීරිස් මාවත නවම් මාවත හන්දියෙන් දකුණට හරවා නවම් මාවත ඔස්සේ ගමන් කර නවම් මාවත උත්තරානන්ද මාවත හන්දියෙන් වමට හැරී,උත්තරානන්ද මාවත ඔස්සේ රොටුන්ඩා වටරවුමෙන් ලිබර්ටි වටරවුම දෙසට ගමන් කළ හැක.
– පිත්තල හන්දිය දෙසින් පැමිණෙන රථවාහන වලට ධර්මපාල මාවත, යුනියන් පෙදෙස ඔස්සේ ගමන් කළ හැක.

පෙරහැර ගමන් කරනු ලබන සීමාව තුළ පමණක් මාර්ගය වැසීමට කටයුතු කරනු ලබන අතර අවස්ථානුකූලව පෙරහැර වීථි සංචාරය සිදුනොවන සෑම ස්ථානයකින්ම හැකි උපරිම අයුරින් සාමාන්‍ය රථවාහන ගමනාගමනය සඳහා ඉඩ ලබාදීම සිදුකරනු ලබන බව පොලීසිය නිවේදනය කරයි.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved