Connect with us

පුවත්

කෝකටත් තෛලය අදානි

Published

on

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දිර්ඝ කාලීනව පවතින ණය හේතුවෙන් එයට විකල්පයක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලීය සිදුකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (08) පැවතී පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්ය.

ඒ සඳහා මේ වන විට ආයෝජකයින් 07 දෙනෙකු පමණ ඉදිරිපත්ව ඇති අතර එහි සියලු කටයුතු රාජ්‍ය භාණ්ඩාගාරය විසින් සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මත්තල ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් කටයුතු වසර 30ක පමණ කාලයක් පෞද්ගලීක අංශයට ලබාදීමට නියමිත බවද ඔහු කියා සිටී.

කොළඹ වාරය සංවර්ධනය අදානි සමාගම හා චීන සමාගමක් විසින් සිදුකරන අතර එහි ඉදීරී වැඩකටයුතු ද පෞද්ගලීක ආයෝජකයන්ට ලබාදීම සුදුසු බව අමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම ත්‍රීකුණාමලය වාරය සංවර්ධනය සඳහා ඉන්දීය රාජ්‍ය සමඟ විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරිමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර මෙම ක්‍රියාවලීය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මෙලෙස අදහස් දැක්වීය.

“දැන් තරඟකාරීත්වය සැහෙන තියුණු වෙලා තියෙනවා.අපිට මේ වෙද්දි පර්යන්ත 05ක් තියෙනවා.හැබැයි දැන් කෝකටත් තෛලය අදානි.දැන් ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරද්දි සියල්ලම අදානි සමාගමට.මේ පිළිබඳ ඉන්දියාවේ විපක්ෂ නායකයෝ පවා  ප්‍රශ්න කරනවා.“

පුවත්

මන්ත්‍රී කබිර්ගෙන් රේගුවට දැඩි චෝදනාවක්

Published

on

By

දින හතරකින් රේගුවේ තදබදයට විසඳුම් දෙමින් කන්ටේනර් නිදහස් කළේ කෙසේද යන්න සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රශ්න කළේය.

එලෙස කන්ටේනර් තදබදය විසඳීම ගැටළු සහගත බව ඔහු පැවසීය.

මේ අතර රේගුවේ මාෆියාවක් පවතින බවත් එම මාෆියාව විසින් කන්ටේනර් නිදහස් කිරීම ප්‍රමාද කරමින් පවතින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

රේගුවේ සිටින හොඳ නිලධාරීන්ට, කළමනාකරණයට එම කටයුතු නිසිලෙස පවත්වාගෙන යාමට එම මාෆියාව ඉඩ නොදෙන බවද කබීර් හෂීම් මහතා කියාසිටියේය.

”මම අහන්නේ ගිය දවස් හතර තුළ මේ රේගුවෙන් රැපිඩ් ක්ලියරන්ස් යුනිට් එක කියල ප්‍රෝග්‍රෑම් එකක් දාලා කොහොමද ඔක්කොම කන්ටේනර් ටික සුද්ද කළේ. දවස හතරකින් ඔක්කොම සුද්ද කළා. මේ රටට එන නැව් කීයක් එන්නේ නැතුව ගියාද. තිහකට වැඩිය. ඒකට වඩා අපේ කීර්ති නාමය. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මොකද වෙනත් වරායවල් අපිත් එක්ක තරඟ කරනවා. ඒවාට අපේ නැව් ටික අදින්න කරන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. ආණ්ඩුවත් ගිහින් ඒකට උදව් කරනවා. එතකොට මේක කොච්චර බරපතලද කියල හිතන්න.”

Continue Reading

පුවත්

සාක්ෂි දීම වෙනුවෙන් ඇමති විජිත මහාධිකරණයට

Published

on

By

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය විජිත හේරත් මහතා අද (05) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත්තේය.

එහිදී සාක්ෂි ලබාදුන් අමාත්‍ය විජිත හේරත් මහතා මහජන නියෝජිතයකු වශයෙන් කටයුතු කරන තමන්ට මහජනතාව මෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් තොරතුරු ලැබෙන බව සඳහන් කළේය.

එසේ ලැබුණු තොරතුරකට අනුව මෙම නඩුවට අදාළව 2015 වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය.

මහජන දේපළ අවභාවිතා කිරීම වැළැක්වීමේ අරමුණින් තමා එම පැමිණිලි ඉදිරිපත් කළ බව සඳහන් කළ විජිත හේරත් අමාත්‍යවරයා ඒවා පිළිබඳ විමර්ශන පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම විමර්ශන ආයතනවල වගකීමක් බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගයේ ජුනි මස 04 වනදා දක්වා කල්තැබුණි.

සංවර්ධන ලොතරැයි ටිකට්පත් ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම්වලට පැවරීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ඉදිරිපත් කර තිබුණි.

Continue Reading

පුවත්

“අපිට කලබලයක් නැහැ”

Published

on

By

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට පිළිබදව අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කර සිටියහ.

මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේ නීතිපතිවරයා ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව අධ්‍යයන කරමින් සිටින බවය.

මෙම පරීක්ෂණ යටගැසීමට ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නොමැති බවත් අදාළ පරීක්ෂණවලින් ඉවත්කරන ලද නිලධාරීන් පවා යළිත් එම පරීක්ෂණ මෙහෙයවීමට යොමුකළේ ඒවා නිසි පරිදි විමර්ශණය කළ යුතු නිසා බවත් නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සදහන් කලේය.

විමර්ශන ප්‍රමාදවන්නේ ඒවායේ තාක්ෂණික ගැටළු නිසා මිසක ආණ්ඩුවේ බලපෑමකින් නොවන බව පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතාට පහරදීමේ සිදුවීමේ විමර්ශන මීට හොඳම උදාහරණය බවය.

නීතිපතිවරයා පත්කිරීම හා අභිචෝදක කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ආණ්ඩුවට කළබලයක් නොමැති බවය.

ඇතැම් අපරාධ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ෆයිල් යට ගසාගෙන සිිටීම පිළිබදව සතුටින් කතා කළ අමාත්‍යවරයා සදහන් කළේ ඒවා ඉදිරිපත් කළ යුතු අවස්ථාවේ ඉදිරිපත් කිරීම හොඳ ක්‍රියාවක් බවය.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved